ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නැහැ -පිල්ලෙයාන්
ශ්‍රී ලංකාවේ යුද සමයේ සිදුවූ බවට චෝදනා එල්ල වෙන අපරාධ සම්බන්ධව ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව තමිල් මක්කල් විඩුතලෛ පුලිගල්' (TMVP) පක්ෂ නායක පිල්ලයාන් නොහොත් සිවනේසදුරෛ චන්ද්‍රකාන්තන් පවසයි.
අද මඩකලපුව නගරයේ මාධ්‍ය හමුවක දී ඔහු තව දුරටත් කියා සිටියේ පාලන බලයේ වෙනසක් ඇති වී තිබෙන තත්වයක අභ්‍යන්තර පරීක්ෂණ සුදුසු බවයි.
‘එල්ටීටීඊ යේ අය ද විශාල යුද අපරාධ කර තිබෙනවා. හමුදාව යුද අපරාධ කලා යන කරුණට එහා ඒ සඳහා දෙමළ අය අවස්ථා ලබා දී තිබුණා.’ පිල්ලයාන් පවසයි.
ප්‍රභාකරන්ගේ මරණය
එහෙයින් අනාගතයේ මෙවැනි විනාශ සිදු නොවීමට වග බල ගත යුතු අතර එක පාර්ශවයට පමණක් දඬුවම් ලැබිය යුතු බව අපේක්ෂා කිරීම පිළිගත නො හැකි බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
එල්ටීටීඊ යේ නායක වේලුපිල්ලෛ ප්‍රභාකරන් ගේ මරණය පිලිබඳ පවතින තර්ක ගැන අදහස් ප්‍රකාශ කළ ඔහු මෙසේ පැවසීය.
‘ඔහු මරු මුවට පත් වුණ එක සත්‍ය නමුත් එය සිදු වුණ ආකාරය අනුමාන කල නොහැකියි.’
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල් කාර පක්ෂයක් වන තම පක්ෂය හා එම සන්ධානය අතර මහ මැතිවරණයෙන් පසු කිසිදු හමුවක් සිදු වී නැති බව ද ඔහු කියා සිටියේය.

Reviewed by Unknown
on
9:50 PM
Rating:
![ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නැහැ -පිල්ලෙයාන්](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLzurywUQDiKmV3yxbKkiTbNRJlcpdsMMQapv37UW9f52DqIK-gZwWNBgRwsSk8FkqNXjtX5NCgxBnRuVxaEvGK8JIaYnXtIUYYNiCxJd1Z8gmE7c4zglfH_YtDwDSyuzJKLQoBTXd9B7F/s72-c/150906120117_pilleyan_tmvp_512x288_bbc_nocredit.jpg)