සේයා ගේ සැකකරුවන්ගේ DNA පරීක්ෂාවකට

කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් දෙදෙනාගේ ඞී.එන්.ඒ පරික්‍ෂාවකට ලක් කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ හෙට (21) ඒ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කරන බවයි.

 සේයා සදෙව්මිගේ නිවස පිහිටි කොටදෙණියාව බඩල්ගම අකරංගහ ප‍්‍රදේශයේම පදිංචිකරුවන් වන අදාළ සැකකරුවන් දෙදෙනා වයස 33 සහ 17 වැනි වියේ පසුවුණා.

33 වැනි වියේ පසුවු පුද්ගලයා එක් දරු පියෙක්. දැරියගේ මරණ පරික්‍ෂණයට අදාළව අධිකරණයේ දී තවත් කිහිපදෙනෙකුගෙන් සාක්‍ෂි සටහන් කර ගැනීමට ද නියමිතව තිබෙනවා.

මේ අතර සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට විරෝධය පළ කරමින් අදත් ප‍්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා. මිනුවන්ගොඩ රජමහා විහාරස්ථානයේ සිට පා ගමනින් පැමිණි පිරිසක් මිනුවන්ගොඩ නගරයේ දී විරෝධතාවයක නිරත වුණා.

ළමා අපචාර සහ ස්ත‍්‍රී දූෂණ නතර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් හැටන් වටවල ප‍්‍රදේශයේ දී ද අද (20) විරෝධතාවක් පැවැත්වුණා.

සේයා ගේ සැකකරුවන්ගේ DNA පරීක්ෂාවකට සේයා ගේ සැකකරුවන්ගේ DNA පරීක්ෂාවකට Reviewed by Unknown on 4:17 PM Rating: 5
Powered by Blogger.