චීනය අද යුද බලය පෙන්වයි [video]

දෙවන ලෝක යුද්ධයේදී ජපානය පරදවා මිත‍්‍ර හමුදා ලැබූ ජයග්‍රහණයේ 70 වන සමරුව චීනය අද උත්සවාකාරයෙන් සමරනවා. ඒ, බීජිං නුවර ටියන්මෙන් චතුරශ්‍රයේ පැවැත්වෙන දැවැන්ත හමුදා පෙළපාලියකින්. ඒ සඳහා සෙබළුන් 12 000 ක්, ගුවන් යානා 200 ක් මෙන්ම යුද ටැංකි සහ මිසයිලද යොදා ගැනෙනු ඇති. චීනයේ යුද ශක්තියෙන් 80% ක් පමණ අද ප්‍රථම වරට මහජනතාව වෙත ප්‍රදර්ශනය කෙරෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම සමරු පෙළපාලිය ජනාධිපති ෂී ජින් පින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඇතුලූ විදේශීය රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් 30 දෙනෙකු පමණ සහභාගි වනු ඇති. කෙසේ නමුත් ජපාන අගමැති ෂින්සෝ අබේ මෙම චීන යුද පෙළපාලිය නැරඹීමට පැමිණෙන්නේ නැහැ.

චීනය අද යුද බලය පෙන්වයි [video] චීනය අද යුද බලය පෙන්වයි [video] Reviewed by Unknown on 1:46 PM Rating: 5
Powered by Blogger.