දකුණු පළාත් ඇමැති උපුල්ට ඇප

තිස්‌සමහාරාම ප්‍රදේශයේදී ධීවරයකුට පහරදුන් බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් ධීවර ඇමැති ඩී. වී. උපුල් මහතා රුපියල් පනස්‌ දහසක මුදල් ඇපයක්‌ මත මුදාහරින ලෙස තිස්‌සමහාරාම මහෙස්‌ත්‍රාත්වරයා ඊයේ (08 වැනිදා) නියෝග කළේය. තිස්‌සමහාරාම ජනාධිපති විද්‍යාලයේ පැවැති වෛද්‍ය සායනයකට සහභාගි වෙමින් සිටි ධීවරයකුට පහර දුන් බවට ඩී. වී. උපුල් මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි. ඉකුත් 05 වැනිදා දහවල් සිදු වූ මෙම පහරදීමෙන් තුවාල ලැබූ ධීවරයා හම්බන්තොට රෝහලට ඇතුළත් කරන ලදී. ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ මෙම ධීවරයා සිද්ධිය පිළිබඳව තිස්‌සමහාරාම පොලිසියට පැමිණිලි කර තිබේ. මේ සම්බන්ධයෙන් ඩී. වී. උපුල් මහතා අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ කරමින් සිටියදී ඒ මහතා ඊයේ පෙරවරුවේදී තිස්‌සමහාරාම පොලිසිය වෙත භාරවී තිබිණි. ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඩී. වී. උපුල් මහතා තිස්‌සමහාරාම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
දකුණු පළාත් ඇමැති උපුල්ට ඇප දකුණු පළාත් ඇමැති උපුල්ට ඇප Reviewed by Unknown on 2:25 AM Rating: 5
Powered by Blogger.