මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 491ක්- කැෆේ සංවිධානය

මෙවර පැවැත්වෙන මහමැතිවරණය ප්‍රකාශ වීමෙන් අනතුරුව මේ දක්වා සිදුවීම් 491 ක් වාර්තා වී තිබෙන බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය ( කැෆේ සංවිධානය ) නිවේදනය කරයි.

ජුලි 24 වන දිනට මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධින් 468ක් වාර්තා වී තිබේ. මෙයින් සිදුවීම් 23 ක්ම ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස සටහන් වී තිබේ.


මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වැඩියෙන් ම වාර්තා වන්නේ කොළඹ ප්‍රදේශයෙන් වන අතර එය සිදුවීම් 70ක් බව කැෆේ සංවිධානය පවසයි.
වැඩිම ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාවක් වාර්තා වන්නේ හම්බන්තොට ප්‍රදේශයෙන් වන අතර එය සිදුවීම් 06 බව කැෆේ සංවිධානය නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 491ක්- කැෆේ සංවිධානය මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්  491ක්- කැෆේ සංවිධානය Reviewed by Unknown on 3:36 PM Rating: 5
Powered by Blogger.