නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි තත්ත්වක් ඇතිවිය හැකි බව
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 එසේම අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව ද එම නිවේදනය පවසයි.


දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරය හරහා) සහ බස්නාහිර හා දකුණු මුහුදු ප්‍රදේශ වල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩි විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි Reviewed by Unknown on 3:48 PM Rating: 5
Powered by Blogger.