පසුගිය මාස 7 තුළ ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 17436 ක්

2015 වර්ෂයේ ගත වූ මාස 7 තුළ ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 17436 ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 48.30 ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ  4 වන සතිය තුළදීය.


මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරේ. එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බව ද වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
පසුගිය මාස 7 තුළ ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 17436 ක් පසුගිය මාස 7 තුළ ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 17436 ක් Reviewed by Unknown on 3:55 PM Rating: 5
Powered by Blogger.