ජනපති පිළිගැනීමට සිටි ගම්පහ බණ්ඩාරනායක සිසුවකු ළඟ උණ්ඩ සහිත තුවක්කුවක්

මින් ඉහත, අඟුණුකොළපැලැස්සේදී ඇතිවූ ආන්දෝලනාත්මක සිද්ධියෙන් පසු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු මතුවූ අතර ,ඊයේ (24) ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ඇතිවූ සිද්ධියෙන් පසු එය තවත් ගැටළුවක් වි ඇත .


එනම් ඊයේ ගම්පහ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිතුමගේ ආරාධනයෙන් එම විදුහලේ පැවති ත්‍යාග ප්‍රධානොත්සවයකට සහභාගිවීම සඳහා ජනපතිතුමා එහි පැමිණෙන අවස්ථාවේ ,ඔහු පිළිගැනීමට ශිෂ්‍ය භටයන් විසින් විශේෂ ආචාරයක් සුදානම් කර තිබු අතර කල් ඇතිව එහි පැමිණි ජනපති ආරක්ෂකයන් විසින් එම උණ්ඩ රහිත ගිනි අවි එකින් එක පරික්ෂා කරන අවස්ථාවේ එක ගිනි අවියක තිබී උණ්ඩයක් හමුවී ඇත.

වහාම එම ආරක්ෂකයින් විසින් එම ගිනි අවිය සහ සිසුවා අත්අඩංගුවට ගෙන ගම්පහ පොලිස් මූලස්ථානයට  භාර දී ඇත .
මෙම ගිනි අවි ගැන සොයාබැලීමේදී ඒවා ජාතික ශිෂ්‍යභට බලකායෙන් ගෙන එන ලද ඒවා බව සොයාගෙන ඇත . මෙය ජනපතිතුමා සහභාගිවන විශේෂ උත්සවයක් බැවින් එම විදුහලේ විදුහල්පති ජාතික ශිෂ්‍යභට බලකායට දැන්වා එම තුවක්කු කිහිපය ගෙන්වා ඇත.ඒවා සැපයිය යුත්තේ උණ්ඩ රහිතව වුවත් එක් අවියක උණ්ඩයක් තිබීම කිසියම් ප්‍රචණ්ඩ ක්‍රියාවක සැලැස්මක්ද යන්න ගැන පරීක්ෂණ පැවැත්වේ .

වැරදීමකින් වුවත් උණ්ඩයක් සහිත අවියක් පාසැල් සිසුන්ගේ පරිහරණයට සැපයීම අන්තරායකාරී තත්ත්වක් ඇති කරයි .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාසැල වගකීමක් ගත නොහැකි බව පවසා ඇති අතර ජාතික ශිෂ්‍යභට බලකායෙන් අද ප්‍රශ්න කෙරේ..

ජනපති පිළිගැනීමට සිටි ගම්පහ බණ්ඩාරනායක සිසුවකු ළඟ උණ්ඩ සහිත තුවක්කුවක් ජනපති පිළිගැනීමට සිටි ගම්පහ බණ්ඩාරනායක සිසුවකු ළඟ උණ්ඩ සහිත තුවක්කුවක් Reviewed by Unknown on 5:14 PM Rating: 5
Powered by Blogger.