දියතලාව යුධ හමුදා කදවුරේ මියගිය කැඩෙට් නිලධාරියාගේ මරණය ගැන සැකයක්
පසුගිය 22 දා දියතලාව යුධ හමුදා පුහුණු කදවුරේ සියදිවි හානිකර ගැනීමකින් මියගියායැයි සැක කෙරෙන කැඩෙට් නිලධාරී ලහිරු රංජන ප්‍රනාන්දු ගේ දේහය පිළිබද අවසන් කටයුතු ඊයේ සිදුකෙරුනා.
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ප්‍රකාශ කලේ මෙය සියදිවි හානිකර ගැනීමක් බවට සැකකෙරෙන නිසා අදාල නිලධාරියට හමුදා ගෞරව කිසිවක් ලබා නොදෙන බවයි .එහෙත්, ඔහුගේ ඥාතීන්පවසන්නේ, තම දරුවට ගෙල වැළලාගෙන මියයාමට තරම් කිසිදු හේතුවක් නොතිබූ බවයි .
ලහිරු රංජන ප්‍රනාන්දු කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවට එක්වි ඇත්තේ 2014 නොවැම්බර් 11 වැනිදායි .ඔහු මියයන විට ඔහුගේ පුහුණු කාලය මාස 8 කට ආසන්නව තිබී ඇත.
දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ බදුල්ල මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ තීන්දුවක් මත දේහය ඥාතීන්ට භාරදී තිබුණා .කෙසේ වෙතත් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් නියෝගයේ දැක්වෙන්නේ ලහිරුගේ මියයාම සැකසහිත බැවින් ඔහුගේ දේහය ආදාහනය නොකර භූමදානයකලයුතු බවයි. ඔහුගේ දේහය තැන්පත් කරතිබූ උඩුපිල ,රණවිරුගම පිහිටි ඔහුගේ නිවසට යුදහමුදා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටි අතර මෙම හදිසි මරණය ගැන තවමත් ඔහුගේ ඥාතීන්ට සැකයක් ඇති බවයි වාර්තා වන්නේ.

Reviewed by Unknown
on
3:53 PM
Rating:
Reviewed by Unknown
on
3:53 PM
Rating: