මහින්ද පරදිනවා... සන්ධානය දින්නොත් අගමැති කරන්න තව අය ඉන්නවා..

හිටපු ජනාධිපති මහින්ද රාපජක්‍ෂ මහතාට නාමයෝජනා දීමට තමන් තදින්ම විරුද්ධ වූ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 විශේෂ මාධ්‍ය ප‍්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ ජනාපතිවරණයෙන් පරාජය වූ මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයේදීද යළිත් පරාජයට පත් වන බවයි.

‘මහින්ද රාජපක්ෂ අනාගතයේ දී දිගටම පරාජය වෙනවා. යළි පරදිනවා. ජනවාරි අට වැනි දා පරාජය වුණා වගේ. මහින්ද රාජපක්ෂට නාමයෝජනා දීම ගැන මම තදින්ම විරුද්ධ වුණා’ යයිද ඔහු එහිදී කියා සිටියේය.

තමනට දුෂ්ටයා, පාවා දෙන්නා යැයි නොයෙක් විදියේ ආමන්ත්‍රණ පසුගිය  ජනාධිපතිවරණ සමයේදී හා පසුවද  අමතනු  ඇසුන  බවත් වෙනත් කිසිදු ජනපතිවරයෙකුට තමන්ට තරම් අපහාස එල්ල නොවූ බවද ඔහු කියා සිටියේය.

සන්ධානය දින්නොත් අගමැතිකමට  ඕනෑ තරම් ජ්‍යෙෂ්ඨයන් පක්‍ෂයේ සිටින බවද තවදුරත්  ඔහු කීය. තමන් මේ මැතිවරණයේදී මධ්‍යස්ථව සිටිනා බවද  නාමයෝජනා  දීමේදී පක්ෂයේ වැඩිදෙනාගේ මතයට ඉඩ දුන් බවද ඔහු  වැඩි දුරටත් පැවසීය.
එසේම මෙතෙක් තමන් ගත් තීරණ ජනවාරි 8 ජනාධිපතිවරණයෙදි තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ සියලු දෙනාගේත් යහපත වෙනුවෙන් ගත් තීරණ බවද පක්ෂය දෙකඩ කිරීමට තමන්ට අවශ්‍ය නැති  බවද ජනාධිපතිවරයා  තවරදුරත් අදහස් දක්වමින්  පැවසුවේය.
මහින්ද පරදිනවා... සන්ධානය දින්නොත් අගමැති කරන්න තව අය ඉන්නවා.. මහින්ද පරදිනවා... සන්ධානය දින්නොත් අගමැති කරන්න තව අය ඉන්නවා.. Reviewed by Unknown on 7:06 PM Rating: 5
Powered by Blogger.