මෛත්‍රී-රනිල් නිරුවත් කර ෆේස්බුක් දැමු අම්බලන්තොට සිසුවා අත්අඩංගුවට

ජනාධිපතිතුමාගේ ,අගමැතිතුමාගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු  කිහිප දෙනකුගේ මුහුණු කුඩා ළමුන්ගේ  නිරුවත් ජායාරූප වලට බද්ධකර ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් උසස් පෙළ සිසුවෙකු රහස් පොලිසිය විසින් ඊයේ (23) සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළේය.


ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කල  සැකකරුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහරින ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය .

පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි රහස් පොලිස් නිලධාරීන් අධිකරණය වෙත කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු "මයි ෆස්ට් ලව් "යන ජීව දත්ත පිටුවක "යහපාලනයේ කොලු ගැටවු  සෙට් එක "යනුවෙන් සඳහන් මාතෘකාවක් යටතේ එම ජායාරූප ප්‍රචාරය කර ඇති බවයි .
තවද මෙම සැකකාර සිසුවාගේ පියා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු  බවද අනාවරණයවිය.
එසේම මෙම සිද්ධියට  තවත් දේශපාලඥයින් සම්බන්ධදැයි සොයා අධිකරණයට දැනුම් දෙන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියම කළේය .නඩුව සැප්තැම්බර් 17 වැනි දිනට යලි කැදවනු ලැබේ.




මෛත්‍රී-රනිල් නිරුවත් කර ෆේස්බුක් දැමු අම්බලන්තොට සිසුවා අත්අඩංගුවට මෛත්‍රී-රනිල්  නිරුවත් කර ෆේස්බුක් දැමු අම්බලන්තොට සිසුවා අත්අඩංගුවට Reviewed by Unknown on 4:33 PM Rating: 5
Powered by Blogger.