Credit Card බිල් නොගෙව්වොත් වෙන දේ මෙන්න

මුදල් වෙනුවට භාවිත කළ හැකි කාඩ් හෙවත් ණයවර කාඩ් භාවිතය ලොව පුරා ප්‍රචලිත වූයේ එය මුදල්වලට වඩා ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස සිතූ බැවිනි. එහෙත් අද වන විට කේ‍රඩිට් කාඩ් භාවිත කර මිලදී ගෙන පසුව ගෙවීම පැහැරහරින පුද්ගලයන් බහුලව දැකිය හැකි බව අධිකරණ වෙත ගොනු වන නඩු සංඛ්‍යාව දෙස බලන විට පැහැදිලි වේ.

මුලදී මෙවැනි ගෙවීම් පැහැර හරින පුද්ගලයන්ට එරෙහිව පැවරිය හැකි වූයේ සිවිල් නඩු පමණි. ණයවර කාඩ් එකක් ලබාගැනීමේදී අදාළ ගනුදෙනුකරු එය නිකුත් කරන ආයතනය සමඟ කිසියම් ගිවිසුමකට එළැඹෙන නිසා එකී ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කළ විට පැවරිය හැකිවන්නේ අදාළ ගිවිසුම එපරිද්දෙන්ම ඉටු කරවා ගැනීමේ සහනය ලබා ගැනීම ඉලක්ක කරගත් නඩුකරයක් හෝ හානි පූර්ණය කිරීම අරමුණු කරගත් නඩුකරයක් පමණි.



එහෙත් 2006 අංක 30 දරන ගෙවීම් උපක්‍රම වංචා පිළිබඳ ක්‍රියාත්මක වීමත් සමඟම තත්ත්වය වෙනස් වී තිබේ. එකී පනතේ අරමුණු වගන්තිය සලකා බැලීමේදී එය සනාථ වේ.
එහි දැක්වෙන පරිදි අනවසර හෝ ව්‍යාජ ගෙවීම් උපක්‍රම සන්තකයෙහි තබා ගැනීම සහ භාවිතය වැළැක්වීම සඳහාද, අනවසර හෝ ව්‍යාජ ගෙවීම් උපක්‍රමවලට අදාළ වැරැදි ඇති කිරීම සඳහාද, යම් තැනැත්තන් ගෙවීමේ උපක්‍රම නීත්‍යනුකූලව නිකුත් කිරීම සහ භාවිත කිරීම ආරක්ෂා කිරීම සඳහාද, වැරැදිකරුවන් පිළිබඳව විමර්ශනය කිරීම, නඩු පැවරීම, ඔවුන්ට දඬුවම් දීම හා විධිවිධාන සැලැස්වීම සඳහා ඊට සම්බන්ධ හෝ අනුශාංගික කරුණු සඳහාද විධිවිධාන සැලැස්වීම පිණිස මෙම පනත පනවා තිබේ.

මෙම පනතේ 2 වැනි වගන්තියේ දැක්වෙන්නේ නිකුත් කරන ආයතනයක් විසින් නීත්‍යනුකූලව නිකුත් කරනු ලබන සියලුම ගෙවීම් උපක්‍රම සම්බන්ධයෙන් එම පනත අදාළ විය යුතු බවයි. පනතේ 3(1) වගන්තිය අනුව වංචා කිරීමේ අදහසින් ගෙවීමේ උපක්‍රමයක් භාවිත කරමින් මුදල් හෝ භාණ්ඩ ලබාගන්නා යම් තැනැත්තෙක් එම පනත යටතේ වරදකට වරදකරු වන්නේය.

එවැනි වරදක් සම්බන්ධව මහාධිකරණයක් ඉදිරිපිට පවත්වනු ලබන නඩු විභාගයකින් පසුව මේ පනත යටතේ වූ වරදකට වරදකරු වන යම් තැනැත්තකු අවුරුදු දහයට වැඩි නොවන කාලයක් සඳහා වූ බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් පන් ලක්ෂයකට වැඩි නොවන දඩයකට හෝ ඒ දඬුවම් දෙකටම යටත් විය යුතු බව 2006 අංක 30 දරන ගෙවීම් උපක්‍රම වංචා පිළිබඳ පනතේ 3 (2) වගන්තියේ සඳහන් වේ. එසේම ඉහත කී ආකාරයේ ගෙවීම් උපක්‍රම වංචා කිරීමේ වරදට අනුබල දීමද, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීමද අපරාධමය වරදක් බවත් ඒ සඳහා හිමිවන දඬුවම් පිළිබඳවත් මෙම පනතේ 4 සිට 6 දක්වා වගන්තිවල විස්තරාත්මකව දැක්වේ.

වංචා වැළැක්වීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස 2006 අංක 30 දරන ගෙවීම් උපක්‍රම වංචා පිළිබඳ පනතේ අන්තර්ගත කර ඇති 18 වැනි වගන්තියද අතිශය වැදගත් වේ. 18 (ආ) වගන්තියේ විස්තර කෙරෙන ආකාරයට නිකුත් කළ ආයතනය විසින් අවසර දෙනු ලැබ ඇති කාලය තුළ එම ණයවර කාඩ් එක හෝ ගෙවීම් උපක්‍රමය ලබා ගැනීම සඳහා වූ ඉල්ලුම් පත්‍රයේ සඳහන් කර ඇති තම වාසස්ථානය හෝ රැකියා ස්ථානය වෙනස් කරන ණයවර කාඩ් එකක් හෝ ගෙවීම් උපක්‍රමයක් දරන්නකු විසින් එම කාඩ් එක හෝ උපක්‍රමය නිකුත් කරන ලද ආයතනයට සිතාමතා වංචා කිරීමේ අදහසින් එසේ කර ඇති බවට පූර්ව නිගමනය කළ යුතුය.

මෙම පනතේ 19 වැනි වගන්තියේ දැක්වෙන ආකාරයට 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ කුමක් සඳහන් වුවද මේ පනත යටතේ වූ සෑම වරදක් සම්බන්ධයෙන්ම නඩු විභාග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථාව යටතේ පිහිටුවන ලද කොළඹදී පවත්වනු ලබන බස්නාහිර පළාතේ මහාධිකරණය විසින් විභාග කරනු ලැබිය යුතුය.
මෙම පනතේ එන ‘ගෙවීම් උපකරණය’ යන පදයේ අර්ථය එහි 32 වැනි වගන්තියේ එන අර්ථ නිරූපණ වගන්තියෙහි ඉහත පුළුල් ලෙස විස්තර කර ඇති නිසා වංචා වැළැක්වීමට එමඟින් ලැබෙන පිටිවහල ඉමහත් බව පෙනේ. එහි දැක්වෙන ආකාරයට ‘ගෙවීමේ උපකරණය’ යන්නෙන්,

1. ණයවර කාඩ් එකක් අදහස් වන අතර ඊට චුම්භක දත්ත යොදා ඇති යම් කාඩ් එකක්, තහඩුවක්, සංකේතයක්, ගිණුම් අංකයක්, මයිකේ‍රා චිප් එකක්, දෘශ්‍ය උපකරණයක් හෝ ලේඛනයක් ඇතුළත් වේ.
හෝ

2. එම ගෙවීම් උපක්‍රම දරන්නාට අදාළ ගිණුම් අංක සහ විධානාත්මක හෝ අභිමතානුසාරී දත්ත හෝ යාන්ත්‍රික, විද්‍යුත්, විද්‍යුත් චුම්බක, දෘශ්‍ය හෝ වෙනත් ආකාරයකට වාර්තාගත කර සහ ගබඩාකර ඇති වුවද උපක්‍රමයක් අදහස් වන අතර එම කාඩ් එක හෝ උපක්‍රමය නිකුත් කළ ආයතනය විසින් එය නීත්‍යනුකූලව නිකුත් කරනු ලැබ ඇති දරන්නා හෝ ඔහු වෙත,
• භාණ්ඩ හෝ සේවා ලබාගැනීම සඳහා ණය පහසුකම් සලසා දෙන්නා වූ හෝ

• මුදල් ලබාගැනීමේ පහසුකම් ඇත්තා වූ සහ බැංකු ගිණුමකට අදාළ වෙනත් කටයුතු සිදුකරන්නා වූද කාඩ් එකක් හෝ ගෙවීම් උපක්‍රමයක් අදහස් වේ.
කේ‍රඩිට් කාඩ් පරිහරණයේදී සැලකිලිමත් විය යුතු තවත් කරුණු කිහිපයක්
• කේ‍රඩිට් කාඩ් එකෙහි රහස්‍ය අංකය දැන සිටිය යුත්තේ එය හිමි පුද්ගලයා පමණි.

• රහස්‍ය අංක සටහන් කරන විට එය අන් අයට නොපෙනෙන ලෙස සිදුකිරීම වැදගත් වේ.

• කේ‍රඩිට් කාඩ් එක උපයෝගි කරගෙන අන්තර්ජාල ඔස්සේ භාණ්ඩ හා සේවා ඇණවුම් කිරීමේදී ආරක්ෂිත වෙබ් අඩවි පමණක් භාවිත කිරීමට වගබලා ගැනීම. මීට හේතුව සමහර වෙබ් අඩවි කූට ලෙස ගනුදෙනුකරුවන්ගේ කේ‍රඩිට් කාඩ් අංක යොදාගෙන ව්‍යාපාරවල යෙදීමයි.

• කේ‍රඩිට් කාඩ් එකේ විස්තර ගනුදෙනු කරන බැංකුව සමඟ හැර වෙනත් කිසිදු අයකුට/ ආයතනයකට ලබා නොදිය යුතුය. එසේ බැංකුව යැයි සඳහන් කරමින් මෙරට හෝ පිටරට දුරකතන අංකයක් මඟින් හෝ ඊමේල් පණිවුඩ මඟින් ඉල්ලා සිටින විටෙකදී තොරතුරු ලබාදීමට පෙර ගනුදෙනුකරුවන්ගේ බැංකුවේ අනුමැතිය ලබාගැනීම ආරක්ෂාවට ඉතා යහපත් වේ.

• වෙළෙඳ ආයතන සමඟ ගනුදෙනු කිරීමේදී කේ‍රඩිට් කාඩ් එක පිටතට රැගෙන යෑමට ඉඩ නොදිය යුතුය. ඔබේ ගනුදෙනුවේ ආරක්ෂාව සඳහා කේ‍රඩිට් කාඩ් එක ඉඹඪන කරන ස්ථානයේ ගනුදෙනුකරු රැඳී සිටීම එසේ නොහැකි නම් කාඩ් එක ඉඹඪන කරන යන්ත්‍රය ඔබ අසලට රැගෙන එන ලෙස ඉල්ලා සිටිය යුතුය.

• කේ‍රඩිට් කාඩ් එක ගනුදෙනුකරු වෙත ලද වහාම එහි සිය අස්සන යෙදීම ආරක්ෂාවට හේතු වේ.

• විදේශ ගමනකදී කේ‍රඩිට් කාඩ් එක භාවිතයෙන් ගනුදෙනු කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ බව බැංකුවට කලින් දැනුම් දීම දෙපාර්ශ්වයේ විශ්වාසය හා ආරක්ෂාවට හේතු වේ.

• අන් අයකුගේ කේ‍රඩිට් කාඩ්එක භාවිත කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි.

• කේ‍රඩිට් කාඩ් එක සඳහා ගනුදෙනුකරු වෙත බැංකුව නිකුත් කරන මාසික ප්‍රකාශනය නිවැරැදි දැයි පරීක්ෂා කර බලා එහි ඇති ගනුදෙනු ඒ මාසයට අදාළ තම ගනුදෙනු සමඟ සස¼දා බැලීමේ පුරුද්දක් ඇතිකර ගැනීම වැදගත් වේ. එහිදී සෑම මාසික බිල්පතක්ම සුරක්ෂිතව තබා ගැනීම ගැටලු ඇතිවීම වළකයි.

• ගනුදෙනුකරු නොකළ ගනුදෙනුවක් සම්බන්ධව ඉර්ඉ පණිවුඩයක් ලැබී ඇත්නම් වහාම කේ‍රඩිට් කාඩ් එකෙහි දැක්වෙන        ක්ෂණික පාරිභෝගික සේවා ඇමැතුම් අංකයට කතාකොට ගැටලුව නිරාකරණය කර ගැනීමට පියවර ගත යුතුය.
Credit Card බිල් නොගෙව්වොත් වෙන දේ මෙන්න Credit Card බිල් නොගෙව්වොත් වෙන දේ මෙන්න Reviewed by Unknown on 9:38 AM Rating: 5
Powered by Blogger.