නූඩ්ල්ස් කාණ්ඩ 140 ක ඊයම් අඩංගු විම සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන්
ඉන්දියාවෙන් ආනයනික ක්ෂණික නූඩ්ල්ස්වල අධික ප්‍රමාණයක් ඊයම් අඩංගු විම සම්බන්ධයෙන් මාධ්‍යවල පළ වූ වාර්තා පදනම කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකාවේ මහජන සෞඛය ආරක්ෂාව සහතික කිරීමේ වැඩපිළිවෙළ යටතේ නූඩ්ල්ස් කාණ්ඩු 140ක
පරීක්ෂණ අවසන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහිපාල මහතා සඳහන් කරයි.
ඒ අනුව මෙම නූඩ්ල්ස්වල පවතින ඊයම් ප්‍රමාණය නිශ්චය කිරීම විශ්ලේෂණය කිරීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හා කාර්මික තාක්ෂණ ආයතනය වෙත යවා විශ්ලේෂණ වාර්තාව ලබා ගැනීමට පියවර ගත් බව ඒ මහතා පෙන්වා දෙයි.
එහිදී ශ්‍රී ලංකා වෙළඳපළේ පවතින ක්ෂණික නූඩ්ල්ස් වර්ග, වෙළඳපලට නිකුත් කිරීමට සූදානම් කර ඇති ක්ෂණික නූඩ්ල්ස් වර්ග හා ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන ක්ෂණික හා සාමාන්‍ය නූඩ්ල්ස් වර්ගවල කාණ්ඩ නියෝජනය වන පරිදි නියැදි ලබා ගෙන තිබේ.
පසු ගිය 04 වැනි දා දක්වා ශ්‍රී ලංකා වෙළඳපළේ පවතින ක්ෂණික නූඩ්ල්ස් කාණ්ඩවලින් නියැදි 201 ක්ද, ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන නූඩ්ල්ස් කාණ්ඩවලින් නියැදි 14 ක්ද ලබා ගැනීමට සමත් වී ඇත.
එම නියැදි විශ්ලේෂණයෙන් පසුරජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හා කාර්මික තාක්ෂණ ආයතනය මේ වන විට විශලේෂණ වාර්තා 140 ක් පමණ නිකුත් කර ඇති අතර එම කිසිදු විශ්ලේෂණ වාර්තාවක ශ්‍රී ලංකාව සැලකිල්ලට ගෙන ඇති ඕස්ට්රේකලියාව සම්මතයක් ලෙස භාවිත කරන ඊයම් 0.3mg/kg සීමාව ඉක්මවා නැති බව ඒ මහතා සඳහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ එමෙන්ම තවදුරටත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හා කාර්මික තාක්ෂණ ආයතනය වෙත මෙම නූඩ්ල්ස් වර්ග නියැඳි පරීක්ෂාව සඳහා යොමු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අඛණ්ඩව සිදු කරන බවයි.
තවද එම විශ්ලේෂණ වාර්තා පදනම් කර ගෙන මහජන සෞඛ්‍ය ආරක්ෂාව තවදුරටත් සහතික වන පරිදි ඉදිරි ක්රිණයා මාර්ග ගැනිමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Reviewed by Unknown
on
2:15 PM
Rating:
Reviewed by Unknown
on
2:15 PM
Rating: