තැපැල් ඡන්දයට අදාළ බරපතල සිදුවීම් කිසිවක් මෙවර වාර්තා වී නෑ- කැෆේ
2015 මහ මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමී බවත් බරපතල සිදුවීම් කිසිවක් මෙවර වාර්තා නොවන බවත් කැෆේ සංවිධානය කියයි.
එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේ, ප්‍රදේශ කිහිපයක ඇතිවු අර්බුධකාරී සිදුවීම් කිහිපයක් හැරුණු කොට බරපතල සිදුවීම් කිසිවක් මෙවර වාර්තා නොවන බවයි.
කඩවත, දිවුලපිටිය සහ මුතූර් යන ප්‍රදේශවලින් සැළකිය යුතු සිදුවීම් වාර්තා වන බවත්, ඒ අතරින් බරපතලම සිදුවීම වන්නේ මුතූර් ප්‍රදේශයෙන් බවත් කැෆේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
මුතූර් ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයකට දේශපාලඥයෙකු ඇතුළුවීමට ගොස් මැතිවරණ නිලධාරීන් සමඟ ගැටුමක් ඇති කරගත් බවත් එහිදී එම දේශපාලඥයා සහ තවත් ආධාරකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් තෙන්නකෝන් මහතා පවසයි.
මේ ආකාරයට දිවයින පුරා තැපැල් ඡන්දයට අදාළ සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයින් 14 දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇති බවත් තවත් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත් කැෆේ විධායක අධ්‍යක්ෂවරයා කියයි.

Reviewed by Unknown
on
2:23 PM
Rating:
Reviewed by Unknown
on
2:23 PM
Rating: