චම්පිකගේ ඡන්ද වැඩවලට ලක්ෂ 1400ක් වියදම් කරලා මුදල් ලැබුණු හැටි රටට හෙළි කරන්න

එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලන චම්පික රණවක මහතා සන්ධානයෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් ලොකුම මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන බවත් ඇස්තමේන්තු අනුව ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට වැය කරන මුදල ලක්ෂ එක්දහස් හාරසියයක් වන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය.


යහපාලනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට එකතු වුණා යැයි කියන තමන් සුපිරිසුදු යැයි කියා ගන්නා චම්පික රණවක ඇමැතිතුමා, ව්‍යාපාරිකයකු නොවී මෙවැනි මහා දැවැන්ත මුදලක් ලැබුණේ කෙසේද යන්න යහපාලනයේ නාමයෙන් රටට හෙළි කිරීමේ යුතුකමක් තිබෙන බවද ගම්මන්පිල මහතා කීවේය.
ගම්මන්පිල මහතා මෙසේ සඳහන් කෙළේ ඊයේ (6දා) පිවිතුරු හෙළ උරුම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය. (උපුටා ගැනීම mawubima.lk)
චම්පිකගේ ඡන්ද වැඩවලට ලක්ෂ 1400ක් වියදම් කරලා මුදල් ලැබුණු හැටි රටට හෙළි කරන්න චම්පිකගේ ඡන්ද වැඩවලට ලක්ෂ 1400ක් වියදම් කරලා මුදල් ලැබුණු හැටි රටට හෙළි කරන්න Reviewed by Unknown on 2:53 PM Rating: 5
Powered by Blogger.