ලංගම - පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටී 21කට තුවාල
නිට්ටඹුව, රදාවඩුන්න ප්‍රදේශයේදී ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (4දා) උදෑසන සිදුවූ අනතුරකින් 21 දෙනකු තුවාල ලබා තිබේ.
ඊයේ (4දා) උදේ 7.15ට පමණ කොළඹ සිට යාපනය බලා ගමන් කරමින් තිබූ ලංගම බස් රථයක් සහ කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවැසීය.
මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 17 දෙනකු වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් 4 දෙනකු එම මොහොතේ මාර්ගයේ ගමන්ගත් ගිලන් රථයක නංවාගෙන ගිය බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය සඳහන් කළේය.
වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති තුවාලකරුවන් අතරේ පිරිමි 10 දෙනකු සහ කාන්තාවන් 7 දෙනකුද සිටින අතර අවුරුදු 8ක් වයසැති පිරිමි ළමයෙක්ද සිටින බව පොලිසිය පැවැසීය.
ඒ පිළිබඳව නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Reviewed by Unknown
on
2:02 PM
Rating:
Reviewed by Unknown
on
2:02 PM
Rating: