පසුගිය මාස 7 ඇතුලත මැදපෙරදිගින් මළසිරුරු 151ක් ඇවිත්

මේ වසර ආරම්භයේ සිට ඉකුත් ජූලි මස 31දා දක්වා ගත වූ මාස හතක කාලයේදී මැද පෙරදිග රටවලින්, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 151 දෙනකුගේ මළ සිරුරු ශ්‍රී ලංකාවට එවා ඇත.
ගුවන්තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තොරතුරුවලට අනුව ජනවාරි මස 23ක්ද පෙබරවාරි 17ක්ද, මාර්තු 30ක්ද, අප්‍රේල් 19ක්ද, මැයි 27ක්ද, ජුනි 17ක් හා ජූලි 18ක්ද ලෙස කුවේට්, සෞදි අරාබිය, කටාර් ඇතුළු අනෙකුත් මැදපෙරදිග රටවලින් මේ මළසිරුරු එවා ඇත.


ඒ අතුරින් 100කට වඩා කාන්තා මළසිරුරුය. මළසිරුරු සියල්ලම පාහේ අවුරුදු 20ත් 55ත් අතර වූවන්ගේය.

උසකින් වැටීම, ගිනි තබා ගැනීම, ගෙල වැලලා ගැනීම, හෘදයාබාධ, රිය අනතුරු වැනි සිද්ධි මේ මරණවලට හේතු ලෙස මළසිරුරු සමඟ එවා ඇති වෛද්‍ය වාර්තාවල සඳහන්ය.
මරණයට දක්වා ඇති හේතු සැක සහිත බවට පවුලේ ඥාතීන් පැමිණලි කළ අවස්ථාවලදීත්, මරණයට හේතුව සඳහන් නොකර වෛද්‍ය වාර්තා එවූ අවස්ථාවලදීත්, ගුවන්තොටුපොළ පොලිසිය එම මළසිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කර ඇත. ඉකුත් මාස හතේදී අධිකරණ නියෝග ලබාගෙන පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මළසිරුරු 20ක් යොමු කළ බව ගුවන්තොටුපොළ පොලිසිය පැවැසීය.


විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමතය ඇතිව රැකියාවලට ගොස් සිටියදී මියගිය අයගේ මළසිරුරු 130ක අවසන් කටයුතු සිදු කිරීම වෙනුවෙන් ඉකුත් මාස හතේදී පවුලේ ඥාතීන්ට එම කාර්යාංශය මුදල් ආධාර ලබාදී ඇත.
පසුගිය මාස 7 ඇතුලත මැදපෙරදිගින් මළසිරුරු 151ක් ඇවිත් පසුගිය මාස 7 ඇතුලත  මැදපෙරදිගින් මළසිරුරු 151ක් ඇවිත් Reviewed by Unknown on 2:22 PM Rating: 5
Powered by Blogger.