වත්තල නගරයේ වෙළෙඳ සල් හිමියෙකු කපා කොටා ඝාතනය කෙරේ

අද(5) උදැසන වත්තල නගරයේ වෙළෙඳ සල් හිමිකරුවෙකු කිසියම් පිරිසක් විසින් කපා කොටා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වත්තල මාබෝල රාජසිංහ මාවතේ පදිංචි වැලිසර ආර්ථික මධ්යස්ථානයේ කුකුල් මස් කඩයක් පවත්වාගෙන ගිය වයපරිකයකු වන මොහොමඩ් අම්සාඩ් නමැති 54 හැවිරිදි පුද්ගලයෙකි .


ඔහු සිය පුත්‍රයා සමග පල්ලියට ගොස් එමින් සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් තියුණු ආයුධ වලින් කැප කොටා  ඝාතනය කර  ඇති බව පොලීසිය වාර්තා කරයි .
ඔහුගේ දේහය මේ වන විට රාගම රෝහලේ තැන්පත් කර තිබේ.
වත්තල නගරයේ වෙළෙඳ සල් හිමියෙකු කපා කොටා ඝාතනය කෙරේ වත්තල නගරයේ වෙළෙඳ සල් හිමියෙකු කපා කොටා ඝාතනය කෙරේ Reviewed by Unknown on 2:50 PM Rating: 5
Powered by Blogger.