ලාංකික ගෘහ සේවිකාවක් සෞදියේ වෙන්දේසි වෙයි

සෞදි සේවා යෝජකයෙකු විසින් සිය නිවසේ සේවය කරන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් අලෙවි කිරීම සඳහා  එරට තුල ක්‍රියාත්මක වන වෙන්දේසි වෙබ් අඩවියක දැන්වීමක් පල කර ඇති බව වාර්තා වේ .


ඔහු විසින් පල කර ඇති වෙළඳ දැන්වීමේ සිය සේවිකාව දරුවන් සමඟ කටයුතු කිරීමට බොහෝ දක්ෂ බවත් අයගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට තමුන්ට සිදුවී ඇති නමුත් තමුන්ට සෞදි රියාල් 25000 ලබා දෙන අයෙකුට ඇයව  ලබා දෙන බවත් එහි දක්වා තිබේ .

කොන්ත්‍රාත්තුව අවසන් වීමෙන් පසු තම මව් රට බලා යාමට පෙර තව වසරක කාලයක් සේවයෙහි යෙදීමට ඇයට අවශ්‍ය බව පැවසු නිසා සුදුසු හාම්පුතෙකු  සොයා තමුන් මෙලෙස දැන්වීමක් පල කල බව ඔහු සෞදි මාධ්‍ය වෙත පවසා ඇත.
ලාංකික ගෘහ සේවිකාවක් සෞදියේ වෙන්දේසි වෙයි ලාංකික ගෘහ සේවිකාවක් සෞදියේ වෙන්දේසි වෙයි Reviewed by Unknown on 1:54 PM Rating: 5
Powered by Blogger.