සිම්බාබ්වේ කඩුලූ 7 කින් නවසීලන්තය පරදවයි


සංචාරක නවසීලන්ත පිල සහ සිම්බාබ්වේ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ හරාරේහිදී ඊයේ (03) පැවැති පළමු තරගයෙන් සිම්බාබ්වේ පිල කඩුලූ 7 ක විශිෂ්ට ජයක් ලැබීමට සමත් විය.

සිම්බාබ්වේ පිල මෙම ජයත් සමග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණියේය.


සිම්බාබ්වේ ක‍්‍රිකට් ඉතිහාසයේ නවසීලන්තය පරාජය කළ නවවැනි අවස්ථාව මෙය වේ. සිම්බාබ්වේ පිල ලකුණු 304 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 49 කදී කඩුලූ 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය. ක්‍රෙග් අර්වින් ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් පන්දු 108 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 130 ක් රැස් කරමින් තරගයේ වීරයා සම්මාන ලැබීය. මෙය 29 හැවිරිදි ක්‍රෙග් අර්වින්ගේ දෙවැනි එක්දින ශතකයයි.

රෝස් ටේලර් අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 122 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 112 ක් රැුස්කිරීමට සමත් විය. රෝස් ටේලර් (112) සහ කේන් විලියම්සන් (97) තෙවැනි කඩුල්ලට ලකුණු 137 ක සම්බන්ධතාවක් පවත්මින් ලකුණු 303 ක් දක්වා යෑමට මග සකස් කිරීමට සමත් වූහ.


නවසීලන්ත පිල ඕවර 50 යේදී කඩුලූ 4 ට 303
(කේන් විලියම්සන් 97, රෝස් ටේලර් නොදැවී 112, ග්‍රොන්ට් එලියට් 43, ටිනාෂි පයන්ගරා 50/2)
සිම්බාබ්වේ පිල  ඕවර 49 කදී කඩුලූ 3 ක් දැවී 304
(හැමිල්ටන් මසකඞ්සා 84, චමූ චිබාබා 42, ක්‍රෙග් අර්වින් නොදැවී 130, එල්ටන් චුකුම්බාරා 26, නේතන් මැකලම් 62/3)
සිම්බාබ්වේ කඩුලූ 7 කින් නවසීලන්තය පරදවයි සිම්බාබ්වේ කඩුලූ 7 කින් නවසීලන්තය පරදවයි Reviewed by Unknown on 10:04 PM Rating: 5
Powered by Blogger.