වරාය නගරය ගැන අවසන් තීන්දුව ජනතාව අතේ
මහජනයාගෙන් අදහස් විමසා කොළඹ වරාය නගරය ඉදිකිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට රජය තීරණය කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන් ඔබේසේකර මහතා අභියාචනාධිකරණය හමුවේ සඳහන් කෙළේය.
කොළඹ වරාය නගරය තැනීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් අභියාචනාධිකරණයේ සභාපති විජිත් මලල්ගොඩ, එච්.සී.ජේ. මඩවල විනිසුරුවරිය හමුවේ පෙරේදා (7දා) කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එසේ කීය.
කොළඹ වරාය නගරය ඉදිකිරීම පිළිබඳව සවිස්තර පරිසර වාර්තාවක් සකස්කර මහජනයා වෙත දැනගැනීමට සැලැස්වීමට රජය පියවර ගන්නා බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවැසීය.
මහජනයා එය ඉදිකිරීමට අකැමැත්ත ප්‍රකාශ කළහොත් ව්‍යාපෘතිය නතර කරන බවත්, මහජනයා එම ව්‍යාපෘතිය අවශ්‍ය යැයි ප්‍රකාශ කළහොත් එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ දක්වා ඇති ගිවිසුම් සියල්ලම අහෝසි කර අලුත් ගිවිසුම්වලට එළැඹී ඒ අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය අදහස් කර සිටින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කීය.

Reviewed by Unknown
on
2:24 PM
Rating:
Reviewed by Unknown
on
2:24 PM
Rating: