බාල වයස්කාර දැරිය කෙළසූ බාලවයස්කාරයින් අත්අඩංගුවට
වනාතවිල්ලුව, වට්ටක්කණ්ඩල් ප්‍රදේශයේ වයස අවුරුදු 14ක දැරියක් බරපතල ලිංගික අපයෝජණයට ලක් කිරීම හා රංචු ගැසී ස්ත්‍රි දූෂණය සිදු කිරීමේ වරදට සැකපිට බාල වයස්කාර සැකකරුවන් දෙදෙනෙකු (06) වන දින වනාතවිල්ලුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබුණි.
මෙසේ පොලිස් අත් අඩංගුවට පත්ව තිබුණේ වට්ටකණ්ඩල් ඉස්මයිල්පුරම් ප්‍රදේශයේ පදිංචිකාර වයස අවුරුදු (16) හා (14) වයස් කාණ්ඩවල පසුවන බාල වයස්කාරයන් දෙදෙනෙකු බව පොලිසිය සදහන් කරයි.
වයස අවුරුදු 14 වියේ පසු වන පාසල් නොයන දැරියක් මෙසේ බරපතල ලිංගික අපයෝජණයට ලක්ව ඇති බව කියයි. වින්දිත දැරිය තම ආච්චි අම්මාගේ රැකවරණය මත ජීවත් වන අතර දැරියගේ මව කුඩා අවදියේම මියගොස් ඇති අතර, දැරියගේ පියා වෙනත් විවාහයක් සිදු කර ගෙන ඇති බව කියයි.
අදාල වින්දිත දැරිය ආච්චි අම්මා සමග නිවසේ සිටියදී (6) වන දින අළුයම අදාල බාලවයස්කාරයින් දෙදෙනා විසින් දැරියව බරපතල ලිංගික අපයෝජනයයට ලක් කිරීම හා රංචු ගැසී කිහිප වතාවක්ම ස්ත්‍රි දූෂණය සිදු කර ඇති බවත්, පසුව දැරිය විසින් පවුලේ ඥාතියෙකුට කල දැණුම් දීමකින් පසු වනාතවිල්ල පොලිසිය මගින් සැකකාර බාල වයස්කාරයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබූ අතර, (08) වන දින පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
දැරිය පුත්තලම මූලික රෝහලේ වැඩිදුර ප්‍රතිකාර කටයුතු සදහා නේවාසිකව රදවා ඇති බව පුත්තලම රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

Reviewed by Unknown
on
2:44 PM
Rating:
Reviewed by Unknown
on
2:44 PM
Rating: