චම්පිකගේ උපන්දිනයට මාධ්‍ය ආයතනවලට මනාප අංකය දැමූ චොකලට් ඩෝනට්ස් තොග පිටින් යවලා

ඇමැති චම්පික රණවක මහතා සිය ජීවිතයේ අඩසියවස සපිරුණු ඉකුත් 04 වැනිදා විශාල වියදමක් දරා සියලුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතනවල සේවකයන්ට චොකලට් ඩෝනට් පෙට්ටි ගණනක් එවා තිබිණි. එම ඩෝනට්වල විශේෂත්වයක් වූයේ ඔහුගේ මනාප අංකයද චොකලට්වලින්ම සනිටුහන් කර තිබීමය. ඉතිහාසයේ මේ අයුරින් උපන් දිනයක් සැමරූ පළමු අවස්ථාව මෙය වේ.


මේ උපන්දින සැමරුමේ තවත් විශේෂත්වයක් වූයේ ඇතැම් මුද්‍රිත මාධ්‍ය ආයතනවල කර්තෘ, ප්‍රවෘත්ති කර්තෘ හා විශේෂාංග කර්තෘවරුන්ටත් විද්‍යුත් මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානීන්ටත් ඉහළ වටිනාකමකින් යුත් ජංගම දුරකතනය බැගින් උපන් දින තෑග්ගක් පිරිනමා තිබීමය. උපන් දින උත්සවයකදී සාමාන්‍යයෙන් සිදුවන්නේ උපන් දිනය සමරන පුද්ගලයාට තෑගි දීම වුවත් චම්පිකගේ උපන් දින උත්සවයේ සිදුව තිබෙන්නේ එහි අනෙක් පැත්තයි.
චම්පිකගේ උපන්දිනයට මාධ්‍ය ආයතනවලට මනාප අංකය දැමූ චොකලට් ඩෝනට්ස් තොග පිටින් යවලා චම්පිකගේ උපන්දිනයට මාධ්‍ය ආයතනවලට මනාප අංකය දැමූ චොකලට් ඩෝනට්ස් තොග පිටින් යවලා Reviewed by Unknown on 12:39 PM Rating: 5
Powered by Blogger.