අනුරට - සුසිල්ට එරෙහිව ඇති වාරණ ඉවත් කරන්නැයි ඉල්ලා පෙත්සමක්

අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත් යන මහත්වරුන්ට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා කොළඹ දිසා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ .
සන්ධානයේ වැඩබලන මහ ලේකම් මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් දුමින්ද දිසානායක මහතා අධිකරණයට වැරදි කරුණු ඉදිරිපත් කරමින් අදාළ වාරණ නියෝගය ලබා ගෙන ඇති බව පෙත්සම්කරු පවසයි.
ඒ හේතුවෙන් අදාළ වාරණ නියෝගය නීත්‍යානුකුල නොවන බව පවසන පෙත්සම්කරු එය අත්හිටුවන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව ලබන 28 වනදා  පෙත්සම විභාගයට ගැනීමට  කොළඹ දිසා අධිකරණය තීරණය කර ඇතැයිද වාර්තා වේ..  

අනුරට - සුසිල්ට එරෙහිව ඇති වාරණ ඉවත් කරන්නැයි ඉල්ලා පෙත්සමක් අනුරට - සුසිල්ට එරෙහිව ඇති වාරණ ඉවත් කරන්නැයි ඉල්ලා පෙත්සමක් Reviewed by Unknown on 3:47 PM Rating: 5
Powered by Blogger.