සුසිල් ප්‍රේමජයන්ත්ගේ මාධ්‍ය ඒකකයෙන් පියසිරිට පිළිතුරු

එ.ජ නි ස ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර නම් කිරිමේදී සිදුවුවා යැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන්  විවිධ පාර්ශව එල්ල කල චෝදනා වලට පිළිතුරු වශයෙන්  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික  පියසිරි විජේනායක මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඉතිහාසයේ විශාලතම පාවාදිම සිදු කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ ඔහුට එරෙහිව පවතින වාරණ නියෝගය පිළිබඳ විවේචනය කරන්නන්ට අවබෝධයක් නොමැති බවයි.

එවැනි චෝදනා කරන්නන් අදාළ වාරණය ඉවත් කර ගැනිම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද අදාළ නිවේදනයේ දැක්වෙයි.
ඔවුන්ව සන්ධානය හා එක්ව තබා ගැනීමට හිටපු මහලේකම්වරයා කළ කැපවීම විවේචනය කරන්නට අමතකවී ඇති බව ද අදාළ නිවේදනය මගින් පෙන්වාදෙයි.

සන්ධානය සමග එක් නොවූයේනම් එම දේශපාලන පක්ෂවලට අත්වන ඉරණම කෙබඳු ද යන්න පිළිබඳ වටහාගත හැකි බව සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

සුසිල් ප්‍රේමජයන්ත්ගේ මාධ්‍ය ඒකකයෙන් පියසිරිට පිළිතුරු සුසිල් ප්‍රේමජයන්ත්ගේ මාධ්‍ය ඒකකයෙන් පියසිරිට පිළිතුරු Reviewed by Unknown on 3:36 PM Rating: 5
Powered by Blogger.