යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට ජාත්‍යන්තරයට කිසිදු අයිතියක් නෑ - අගමැති
ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට කිසිදු අයිතියක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
ජාත්‍යන්තර ප්‍රජාව එවැනි පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ මෙරට අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් පවත්නා විශ්වාසය බිඳ වැටීම නිසා යැයි ඒ මහතා පෙන්වාදෙයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඉන්දියාවේ “ද හින්දු” පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
එම සම්මුඛ සාකච්ඡාවේදී හින්දු පුවත්පතේ මාධ්‍යවේදියා විසින් විමසන ලද ප්‍රශ්න කිහිපයකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු ලබාදී තිබූ අතර මාධ්‍යවේදියාගේ එක් ප්‍රශ්නයක් වූයේ යුද අපරාධ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැනයි.
එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ යුද අපරාධ සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට අදාළව පරීක්ෂණයක් සිදුකිරීමට ඉකුත් රජය විසින් 2009 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පොරොන්දු වී ඇති බවයි.
කෙසේ වුවද එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට ජාත්‍යන්තරයට හිමිකමක් නැති බව යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබේ.
එවැන්නක් කළ යුත්තේ දේශීය යාන්ත්‍රණයකින් පමණක් බවද ප්‍රකාශ කර ඇති අග්‍රාමාත්‍යවරයා රෝම ප්‍රඥාප්තියට අත්සන් කර නැති නිසා මෙරට කිසිවෙකුත් යුද අපරාධ චෝදනාවලට අදාළව ජාත්‍යන්තර යුද අධිකරණයට හමුවට ගෙන යා නොහැකි බවද පෙන්වාදී තිබේ.
ඒ අනූව දේශීය හා ජාත්‍යන්තරව පිළිගත හැකි පරීක්ෂණයක් මෙරට තුළ කළ යුතු ඇති බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ උපරිම බලය බෙදීමක් සඳහා කටයුතු කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
දෙමළ ජනතාවගේ ගැටළු, ජීවනෝපාය, සංවර්ධන සහ මානව හිමිකම් ගැටළු සඳහා දේශපාලන විසදුමකට එළැඹිය යුතු බව ඔහු පෙන්වාදී ඇත.
ඒ සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අපේක්ෂා කරන බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.
මෙරට දමිළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් දේශපාලන විසඳුමකට එළැඹීම සඳහා බලපාන පරිපාලන බාධක ගණනාවත් පවතින බව පවසන රනිල් වික්‍රමසිංහ මහතා එම බාධක ඉවත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා මාසයක් ඇතුළත දේශපාලන සම්මුතියකට එළැඹීමට අපේක්ෂා කරන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බව ද හින්දු පුවත්පත වාර්තා කරයි.

Reviewed by Unknown
on
3:58 PM
Rating:
Reviewed by Unknown
on
3:58 PM
Rating: