රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය අගමැති එවර්ට් ග්ලැඩ්ස්ටන් හා සම වේ
පසුගිය සඳුදා (17) පැවති 2015 මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරමින් එක්සත් ජාතික පක්ෂය නායක (UNP) හා එක්සත් යහපාලන ජාතික පෙරමුණ නායක (UNFGG) රනිල් වික්‍රමසිංහ මහතා මනාප ඡන්ද 500,566ක් ලබා ගත්තේය. එය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ජනමත විචාරණයකින් ලබා ගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව ද වේ.
ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික, සමාජවාදී ජනරජයේ අගමැති තනතුරට සිවුවැනි වරටත් දිවුරුම් දීමට නියමිත රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරට පත්වන්නේ ලෝක වාර්තාවක් සම කරමිනි.
ලෝක ඉතිහාසව පිරික්සා බැලීමේ දී සිවුවරක් අගමැති තනතුරේ දිවුරුම් දුන් ප්‍රථමයා බ්‍රිතාන්‍යයේ විලියම් එවර්ට් ග්ලැඩ්ස්ටන් (1809 – 1898) මහතා ය. ලිබරල් පක්ෂය නියෝජනය කළ විලියම් එවර්ට් ග්ලැඩ්ස්ටන් 1868 වසරේ සිට 1894 වසර දක්වා සිවුවරක් අගමැති තනතුරට පත් විය. මේ අනුව මෙවැනි වාර්තාවක් සම කෙරෙන්නේ වසර 121 ක තරම් දීර්ඝ කාලයකට පසුවය.
නිදහස් ලංකාවේ ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායක මහතාගේ අභාවයෙන් පසුව 1952 වසරේ මාර්තු මස 26 වැනිදා අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමිවරයා ඩඩ්ලි සේනානායක මහතා අගමැති තනතුරට පත් කළ අතර, එම වසරේම පැවැති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කරමින් ඔහු යළිත් අගමැති තනතුරට පත් වූ අතර යළි දිවුරුම් දීමක් සිදු නොවූ බැවින්. 1960 හා 1965 යන වසරවල ද අගමැති තනතුරට පත් වූ ඩඩ්ලි සේනානායක මහතා සැලකෙන්නේ තුන් වරක් දිවුරුම් දුන් අගමැතිවරයකු වශයෙනි.
මේ අනුව සිවුවැනි වරටත් සිදුවන මේ අගමැති පදවි ප්‍රාප්තිය දකුණු ආසියානු, ආසියානු පමණක් නොව ජගත් දේශපාලන වංශ කතාවේද අතීශය විරල සිදුවීමකි.

Reviewed by Unknown
on
4:53 PM
Rating:
Reviewed by Unknown
on
4:53 PM
Rating: