තම බිළිඳිය ඝාතනය කළ බවට සැකපිට මවක් අත්අඩංගුවට

පොලීසිය පැවසුවේ, ලැබුණු තොරතුරකට අනුව බිළිඳියගේ මළසිරුර මරංගහවෙල තිත්තමළුව ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගත් බව ය.

අදාළ බිළිඳිය මීට දින තුනකට පමණ පෙර උපත ලබන්නට ඇතැයි සැකකෙරේ.

සිද්ධිය පිළිබඳව ප්‍රදේශවාසීන් කළ පැමිණිල්ලකට අනුව සැකකාර මව ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

බිළිඳියගේ සිරුර බලංගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර 25 හැවිරිදි සැකකාර මව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
තම බිළිඳිය ඝාතනය කළ බවට සැකපිට මවක් අත්අඩංගුවට තම බිළිඳිය ඝාතනය කළ බවට සැකපිට මවක් අත්අඩංගුවට Reviewed by Unknown on 4:55 PM Rating: 5
Powered by Blogger.