සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර අද සිය අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට
සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව අද ආරම්භ වන ටේස්ට් තරගය ජය ගැනීම කුමාර් සංගක්කාර වෙනුවෙන් ලබා දිය හැකි හොඳම ත්‍යාගය බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කර තිබේ.
වසර 15 කට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කළ කුමාර් සංගක්කාර අද ආරම්භ වන තරගයෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට නියමිතයි.
කොළඹ පී සරා ඕවල් පිටියේදී අද පෙරවරු 10ට ආරම්භ වන තරගය ජය ගත හොත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ ජය හිමි වේ.
ඊයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළේ, තරගාවලියේ පළමු තරගය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට අද ආරම්භවන තරගය සුවිශේෂී තරගයක් බව ය.
තරගාවලිය ජය ගැනීමට මෙන්ම, අකුමාර් සංගක්කාරට ජයග්‍රාහී අවසානයක් ලබා දීමට මෙම තරගය ජයගැනීමට උත්සාහ කරන බව ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
134 වන ටෙස්ට් ක්‍රිකට් තරගයට අද සහභාගී වෙමින් මේ වන විට ලකුණු 12350 ක් ලබා සිටින කුමාර් සංගක්කාර ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලාභින් අතර පසුවන්නේ 5 වන ස්ථානයයි.
ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටේස්ට ලකුණු ලාභියා ද වේ.
ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලි ඉතිහාසයේ මෙරට පැවති තරගාවලියක් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායමට වසර 22 කින් සමත් වී නොතිබිණ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්දීය නායක විරාත් කෝලී පැවසුවේ, වත්මන් ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රබල ක්‍රීඩකයෙකුවන කුමාර් සංගක්කාර විශ්‍රාම යෑමේ තරගාවලිය වන මෙය තම ක්‍රීඩකයන්ට ද හැඟුම්බර අවස්ථාවක් බව ය.
කෙසේ වෙතත් අද ආරම්භ වන තරගය ජය ගැනීමට කණ්ඩායමක් ලෙස උපරිම උත්සාහය යොදන බව ඔහු වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කළේ ය.
තරග 36 කදී ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාව ඉන් ජය ගත් තරග 7ම මෙරටදී වාර්තා කර තිබීම විශේෂත්වයකි.

Reviewed by Unknown
on
4:42 PM
Rating:
Reviewed by Unknown
on
4:42 PM
Rating: