සුසිල් පාවා දුන්නා - මහජන එ‍ක්සත් පෙරමුණ

ඒ.ජනිස ජාතික ලැයිස්තුව සඳහා පරාජිත අපේක්ෂකයන්ගේද  නම් ඇතුලත් ලැයිස්තුවකට අත්සන යෙදීමෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා මහා පාවාදීමක් කර ඇතැයි එම ජාතික ලැයිස්තුවට මීට පෙර නම ඇතුළත්ව තිබූ මහජන එක්සත් පෙරමුණේ (ම.එ.පෙ) සෝමවීර චන්ද්‍රසිරි මහතා පැවසීය.

නාරාහේන්පිට අභයාරාමයේදී අද (23දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ආරම්භක අවස්ථාවේ සිට සහයෝගයෙන් කටයුතු කළ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, මහජන එක්සත් පෙරමුණ සහ පසුකාලීනව එක්වූ ජාතික නිදහස් පෙරමුණට ජාතික ලැයිස්තුවෙන් නියෝජනයන් ලබා නොදීමට එරෙහිව ඉදිරියේදී මහජනතාව පෙළගස්වන බවයි.


සුසිල් පාවා දුන්නා - මහජන එ‍ක්සත් පෙරමුණ සුසිල් පාවා දුන්නා - මහජන එ‍ක්සත් පෙරමුණ Reviewed by Unknown on 7:44 AM Rating: 5
Powered by Blogger.