‘පොඩි සනත්ට’ ටෙස්ට් වරම්
ශ්‍රී ලංකාවේ 130වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා බවට කුසල් ජනිත් පෙරේරා අද පත්විය.
ඒ, ඉන්දියාව සමග පැවැත්වෙන තෙවන සහ අවසන් ටෙස්ට් තරගයේදී කුසල්ට ජාත්‍යන්තර ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබාදීම හේතුවෙනි.
කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය ආරම්භයට පෙර ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි මහතා අතින් කුසල් ජනිත්ට සිය ටෙස්ට් තොප්පිය පිරිනමනු ලැබිණි.
1990 අගොස්තු 17 වන දින උපන් කුසල් ජනින් පෙරේරා කොළඹ රාජකීය විද්‍යාලයෙන් ඉගෙනුම ලැබු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
එක්දින සහ පන්දුවාර 20යි 20 තරගවල විශිෂ්ට අයුරින් පිතිහරඹයේ යෙදෙන කුසල් ජනිත් ජාත්‍යන්තර විස්තර විචාරකයින් විසින් හඳුන්වනු ලබන්නේ ‘පොඩි සනත්’ (Little Sanath) යන අන්වර්ථ නාමයෙනි.
ඒ, ශ්‍රී ලංකාවේ විශිෂ්ට පිතිකරුවෙකු වූ හිටපු ටෙස්ට් නායක සනත් ජයසූරියගේ පිතිකරණ රටාවට සමාන අයුරින් කුසල් ජනිත් ද පිතිකරණයේ නිරත වීම හේතුවෙනි.
වමත් පිතිකරුවෙකු වන කුසල් මේ වනවිට එක්දින තරග 48කදී ලබා ඇති ලකුණු ගණන 1096කි.
ඊට ශතක 2ක් සහ අර්ධ ශතක 5ක් ඇතුළත් ය.
පන්දුවාර විස්සයි 20 තරග 20ක් ක්‍රීඩා කර ඇති කුසල් ලකුණු 544ක් ලබා සිටී
ඊට අර්ධ ශතක 5ක් ඇතුළත් ය.

Reviewed by Unknown
on
4:35 PM
Rating:
![‘පොඩි සනත්ට’ ටෙස්ට් වරම්](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjS-CoDttSMYY0Vw9e-nK-SKJ_llqMboChlb6uQ1Es3O3npVbXefXVNPnZlO5UjW_sRXRvfpKqq1l-A6ES4DXhjK_xmnUwsI9yPoHZx7tYo1dkt8qBihUxFSFQcOrUT9fnIAX9TLNoLv-oe/s72-c/Kusal-Perera.jpg)