නිල්වලා ගගෙන් නරක්වූ පිරිමි මළසිරුරක් සොයාගැනේ

අකුරැස්ස ,බළකාවල පිට්ටනිය අසල නිල්වලා ගඟේ තිබී නරක්වූ පිරිමි මළසිරුරක් ඊයේ අකුරැස්ස පොලිසිය විසින් සොයාගෙන තිබේ.අකුරැස්ස පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත මෙම සිරුර සොයා ගැනීමට හැකිවී ඇත.


59 හැවිරිදි දෙදරු පියකු වන එස් .එල් .නෙල්සන් නමැති මෙම පුද්ගලයා අකුරැස්ස වැලිහේන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු මානසික අබාධයකින් පෙළුණු අයෙකු බවයි මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වි ඇත්තේ .

මෙම මළසිරුරේ දෙඅත් නොමැති අතර ඒවා කිබුලන් විසින් කා දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
නිල්වලා ගගෙන් නරක්වූ පිරිමි මළසිරුරක් සොයාගැනේ නිල්වලා ගගෙන් නරක්වූ පිරිමි මළසිරුරක් සොයාගැනේ Reviewed by Unknown on 9:10 PM Rating: 5
Powered by Blogger.