සුසිල් – අනුර යාපා තනතුරුවලින් ඉවතට

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා සහ එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත් යන මහත්වරුන් එම තනතුරුවලින් ඉවත් කර තිබෙනවා. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම පියවර ගෙන ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ.


ඒ සමගම අනුර ප‍්‍රියදර්ශන යාපා සහ සුසිල් පේ‍්‍රමජයන්ත් යන මහත්වරුන් පක්‍ෂ සාමාජිකත්වයෙන් ද නෙරපා හැර ඇතැයි වාර්තා වනවා.

පුරප්පාඩු වු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් ධූරයට වහාම ක‍්‍රියාත්මක වන පරිදි දුමින්ද දිසානායක මහතා පත්කර තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ නව මහලේකම්වරයා ලෙස පත්කර තිබෙන්නේ මහාචාර්ය විශ්වා වර්ණපාල මහතායි.
සුසිල් – අනුර යාපා තනතුරුවලින් ඉවතට සුසිල් – අනුර යාපා තනතුරුවලින් ඉවතට Reviewed by Unknown on 10:18 PM Rating: 5
Powered by Blogger.