විපක්ෂ නායකත්වය එපා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකුට ලබා දෙන්න - මහින්ද

තමන් විපක්ෂ නායක ධුරය භාර නොගෙන අඛන්ඩව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස රැඳී සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ විපක්ෂ නායක ධුරය, පක්ෂයේ  ජ්‍යෙෂ්ඨයෙකුට ලබාදෙමින් තමන් පාර්ලිමේන්තුවේ රැඳී සිට අඛන්ඩව දේශපාලනයේ නිරතවන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ රටේ ජාතික ආරක්ෂාව වැනි කාරණාවලදී මැදිහත්ව කටයුතු කිරීමට තමන් සූදානම් බවයි.
විපක්ෂ නායකත්වය එපා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකුට ලබා දෙන්න - මහින්ද විපක්ෂ නායකත්වය එපා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකුට ලබා දෙන්න - මහින්ද Reviewed by Unknown on 1:02 PM Rating: 5
Powered by Blogger.