ඇතාගේ බඩ යටින් ගෙන ගිය මාස 10ක කුඩා දරුවා ඇතාට පෑගිමෙන් ජීවිතක්ෂයට
කුරුණෑගල - ගොකරැල්ල - මැදගම්පොල ප්‍රදේශයේ දේවාලයක ඊයේ (19) පැවති පෙරහර සඳහා රැගෙනවිත් සිටි ඇතෙකුට පෑගිමෙන් මාස 10ක කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඒ, අපල උපද්‍රව දුරු කිරීම සඳහා ඇතෙකුගේ බඩ යටින් රැගෙනයාමේ සිරිත ඉටු කිරීමට යාමෙන්.
කුඩා දරුවා රැගෙන ඇතාගේ බඩ යටින් ගෙන ගිය බව කියන පුද්ගලයා ගොකරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා.
ගොකරැල්ල පොලිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ පුද්ගලයා එම අවස්ථාවේදී බීමත්ව සිට ඇති බවයි. මෙම පුද්ගලයා දේවාලයේ පෙරහර ආරම්භ කිරීමට පෙර ඇතා දේවාල භූමියේ සිටි අවස්ථාවේදී කුඩා දරුවා රැගෙන ඇතාගේ බඩ යටින් රිංගා යාමට උත්සාහ කළ අවස්ථාවේදී දරුවා ඔහුගෙන් ගිලිහී ගොස් ඇතාට පෑගිමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
දරුවා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර, එහිදී තුවාල ලැබූ අදාළ පුද්ගලයාද පොලිස් අත්අඩංගුව යටතේ ගොකරැල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.
කුඩා දරුවා රැගෙන ඇතාගේ බඩ යටින් ගෙන ගිය බව කියන පුද්ගලයා ගොකරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා.
ගොකරැල්ල පොලිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ පුද්ගලයා එම අවස්ථාවේදී බීමත්ව සිට ඇති බවයි. මෙම පුද්ගලයා දේවාලයේ පෙරහර ආරම්භ කිරීමට පෙර ඇතා දේවාල භූමියේ සිටි අවස්ථාවේදී කුඩා දරුවා රැගෙන ඇතාගේ බඩ යටින් රිංගා යාමට උත්සාහ කළ අවස්ථාවේදී දරුවා ඔහුගෙන් ගිලිහී ගොස් ඇතාට පෑගිමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
දරුවා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර, එහිදී තුවාල ලැබූ අදාළ පුද්ගලයාද පොලිස් අත්අඩංගුව යටතේ ගොකරැල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ඇතාගේ බඩ යටින් ගෙන ගිය මාස 10ක කුඩා දරුවා ඇතාට පෑගිමෙන් ජීවිතක්ෂයට
Reviewed by Unknown
on
9:57 AM
Rating:
Reviewed by Unknown
on
9:57 AM
Rating: