මුහුදට දැමු සිඟිති දැරියගේ සිරුර ගොඩ ගසයි

බෙන්තොට මිරිස්වත්තේ පියෙකු විසින් සිය බිරිඳ සමග කොස්ගොඩ මහපලානේදී  මුහුදට දැමු සිඟිති දැරියගේ මල සිරුර  අද උදේ සිද්ධිය වූ ස්ථානය අසල වෙරළේ තිබියදී සොයා ගත් බව කොස්ගොඩ පොලිසිය පැවසීය. ‍

පෙරේදා (17දා) මුහුදට දැමීමෙන් පසු අතුරුදන්ව සිටි මාස 23 ක් වයසැති පාරින්ධ්‍යා සිත්මිණි නමැති එම දැරියගේ  මළ  සිරුරේ තැනින් තැන තුවාල දක්නට ලැබිණි.

මුහුදට දැමීමෙන් පසු දිවි බේරා ගත් මව ද මළ සිරුර හඳුනා ගත්තේය. සැකකාර පියා වූ දොඩන්ගොඩ හේවගේ සුමුදු ප්‍රියංකර (31) එළැඹෙන 30දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

මුහුදට දැමු සිඟිති දැරියගේ සිරුර ගොඩ ගසයි මුහුදට දැමු සිඟිති දැරියගේ සිරුර ගොඩ ගසයි Reviewed by Unknown on 10:28 PM Rating: 5
Powered by Blogger.