කෝටි 6000ක පොලොන්නරුව සංවර්ධන ව්‍යාපෘතිය ඔක්තේබරයේදී

පොලොන්නරුව නගර හා දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය මෙම වසරේ ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා රුපියල් කෝටි 6000 ක මුදලක් වැය වන අතර එයට කැබිනට් අනුමැතියද ලැබී ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් එස්. සේනානායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය රජ රට නවෝදය ජනපති ව්‍යාපෘතිය විසල් පොලොන්නරුව සංවර්ධන වැඩසටහන නමින් ක්‍රියාවට නැංවේ.


පස් අවුරුදු සැලැස්මකට අනුව ක්‍රියාත්මක කෙරෙන මෙම පොලොන්නරුව නගර දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රථම අදියර මෙම වසරේ ඔක්තෝම්බර් මස සිට ආරම්භ කරන බවද දිස්ත්‍රික් ලේකම් වරයා සදහන් කළේය.

කෘෂි කාර්ම, සෞඛ්‍ය ,වන ජීවී ,වන සංරක්ෂණ ,හා අධ්‍යාපන යන විෂයන් යටතේ ව්‍යාපෘති 30 ක් ද මේ වසරේ ආරම්භ කෙරෙන අතර ඒ සදහා වෙන් කොට ඇති මුදල රුපියල් දස ලක්ෂ දෙසීයකි.

පොලොන්නරුව නගරය හා දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පොලොන්නරුව පැරණි නගරය කදුරුවෙල හා නව නගරය යන නගර ඒකාබද්ධ කෙරෙන විසල් සංවර්ධන සැලැස්ම මේ සදහා ඇතුලත්ය.

කෝටි 6000ක පොලොන්නරුව සංවර්ධන ව්‍යාපෘතිය ඔක්තේබරයේදී කෝටි 6000ක පොලොන්නරුව සංවර්ධන ව්‍යාපෘතිය ඔක්තේබරයේදී Reviewed by Unknown on 9:53 PM Rating: 5
Powered by Blogger.