හම්බන්තොට වරායට නැව් තටාකාංගණයක්‌

හම්බන්තොට වරාය පරිශ්‍රයේ නැව් තටාකාංගණයක්‌ ඉදි කිරීමට රජය තීරණය කර ඇත.

මේ සඳහා වූ අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පෙරේදා (17 වැනිදා) වරාය හා නාවික කටයුතු පිළිබඳ ඇමැති අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මෙම අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා වරාය අධිකාරිය, කොස්‌කෝ ෂිප්යාර්ඩ් සමූහ සමාගම හා චයිනා හාබර් ඉංජිනියරින් සමාගම සමග එක්‌ව අත්සන් කර තිබේ.

යෝජිත නැව් තටාකාංගණය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 600 ක්‌ ආයෝජනය කර ඇත.

නැව් අලුත්වැඩියා කිරීම පමණක්‌ නොව අලුතින් නැව් ඉදිකිරීම ඇතුළු සියලුම නැව් සේවා මෙම ව්‍යාපෘතිය හරහා සිදු කිරීමට නියමිතය.

වසරක්‌ ඇතුළත ලබාදෙන අදාළ ශක්‍යතා වාර්තාවෙන් පසු නැව් තටාකාංගණය ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බව ඇමැති අර්ජුන රණතුංග මහතා පැවසීය.
හම්බන්තොට වරායට නැව් තටාකාංගණයක්‌ හම්බන්තොට වරායට නැව් තටාකාංගණයක්‌ Reviewed by Unknown on 11:40 AM Rating: 5
Powered by Blogger.