සීපා කතා බොරු ජිනීවා වාර්තාව අපට වාසියි - ජනාධිපති
කොළඹ ජනාධිපති මන්දිරයේදී පුවත්පත් කතුවරුන් , විද්යුත් මාධ්‍ය ප්‍රධානීන් සහ ජනමාධ්‍ය හිමිකරුවන් සමඟ ඊයේ (18දා) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා තම අදහස් දැක්‌වූ ආකාරය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දියානු නිල සංචාරයේදී සීපා ගිවිසුම ගැන කිසිදු සාකච්ඡාවක් හෝ එකඟත්වයක් ඇති නොවූ බවත් මේ වසරේ ජනවාරි 8 වැනිදා මේ රටේ ඇරැඹි දේශපාලන පරිවර්තනය ඉදිරියටම ගෙන යන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ඊයේ (18 දා) සවස කොළඹ ජනාධිපති මන්දිරයේදී පුවත්පත් කතුවරුන්, විද්යුත් මාධ්‍ය ප්‍රධානීන් සහ ජනමාධ්‍ය හිමිකරුවන් සමඟ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ඒ බව පැවසීය. මෙම සාකච්ඡාවට රජයේ පාර්ශ්වයෙන් ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර, මාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක, අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ යන මහත්වරුද සහභාගි වූහ. එහිදී ජනාධිපතිවරයා තවදුරටත් මෙසේද සඳහන් කළේය.
ජනවාරි 8 වනදා වන විට පිටරටවල් තුළ මේ රට ගැන තිබුණේ ඉතා නරක හැඟීමක්. එදා මා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය නොකළා නම් මේ රටට සහ ජනතාවට ජාත්‍යන්තරයෙන් විශාල ප්‍රශ්න ඇතිවීමට ඉඩ තිබුණා. එහෙත් මගේ ජයග්‍රහණය සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නව රජය ගැන සෑහීමකට පත්වූ නිසා ජාත්‍යන්තරය තීන්දු කළා අපේ රට සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට. ඒ අනුව මෙවර ජිනීවා වාර්තාව එතෙක් සැලසුම් කර තිබූ පරිදි දැඩි නිර්දේශවලින් ඈත්ව නිකුත් කරන්නට ජාත්‍යන්තරය තීන්දු කළා. අද අප ඉදිරිපිට තිබෙන්නේ යුද අපරාධ පිළිබඳ අභ්‍යන්තර පරීක්‍ෂණයක් පමණක් ඉල්ලන ලිහිල් වාර්තාවක්.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීයá
පසුගිය කාලයේ ලෝක ප්‍රජාවගෙන් කොන්වීමේ අවදානමක් අපට තිබුණා. දැන් අපට අවස්‌ථාව ලැබී තිබෙනවා එසේ කොන්නොවී ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණයක් ඉදිරියට නොගොස් දේශීය යාන්ත්‍රණයකට පමණක් යන්නට. ජාත්‍යන්තර සහ දේශීය යාන්ත්‍රණය යන දෙකම මේ ආණ්‌ඩුව මගින් එකඟ වූ කාරණා නොවෙයි. ඒවාට එකඟ වෙලා තිබෙන්නේ පසුගිය කාලයේදී මේ රටේ සිටි පාලකයන්. මෙවර ජිනීවා වාර්තාව මගින් මේ රටේ කාවවත් යුද අපරාධකරුවන් ලෙස නම් කර නැහැ.
මම ඉන්දියාවට ගියේ සීපා ගිවිසුම අත්සන් කරන්නට නොවෙයි. මා අගමැති වූ පසු ඉන්දියානු අගමැතිතුමා සාම්ප්‍රදායිකව මට ආරාධනා කළා නිල සංචාරයකට එන්න කියලා. ඉතින් මා එහි ගියා. එපමණයි සිදුවුණේ යයි අගමැතිවරයා තවදුරටත් සඳහන් කළේය.
මෙහිදී ඇමැති මංගල සමරවීර සහ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාද කතා කළේය.

Reviewed by Unknown
on
7:55 AM
Rating:
Reviewed by Unknown
on
7:55 AM
Rating: