ශ්‍රීලනිප 64 වන සංවත්සරය අද


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සංවත්සර උළෙල අද (02) පස්වරු 2.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කදුරුවෙල රජරට නවෝදය ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

සංවත්සර උත්සවයට සමගාමී ව රටට හා ජාතියට සෙත් පතා අද දින පෙරවරු 7.00ට පොලොන්නරුව සෝමාවති චෛත්‍ය අසලදී ආශිර්වාද පූජාවක් ද පැවැත්වුණු අතර පෙරවරු 10.00ට පොලොන්නරුව රන්කොත් විහාරයේ දී පරිත්‍රාණ ධර්ම දේශණයක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් මෙන් සියලු සාමාජිකයන් සහභාගි වනු ඇත.
ශ්‍රීලනිප 64 වන සංවත්සරය අද ශ්‍රීලනිප 64 වන සංවත්සරය අද Reviewed by Unknown on 12:44 PM Rating: 5
Powered by Blogger.