එජාප පාක්‍ෂිකයන්ට යුතුකම් ඉටුකරනවා 69 වැනි සංවත්සරයේදී අගමැති පොරොන්දු වේ

එක්‌සත් ජාතික පාක්‍ෂිකයන් ජීවිත පරිත්‍යාගයෙන් සිදුකළ කැපකිරීම නිසා රටේ පැවැති පවුල් පාලනය අවසන් කිරීමට හැකි වූ බව ඊයේ (6 දා) පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ 69 වැනි සංවත්සර උළෙලේදී එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එක්‌සත් ජාතික පක්‍ෂ පාක්‍ෂිකයන් විපක්‍ෂයේ සිට පසුගිය කාලයේ බොහෝ දුක්‌ ගැහැට විඳි බවත් ඔවුන්ට දැන් විවේකයක්‌, නිදහසක්‌, රැකියා ඇතුළු වෙනත් පහසුකම් හිමිවිය යුතු බවත් හෙතෙම මෙහිදී සඳහන් කළේය.

පැවැති මැතිවරණයෙන් ජයග්‍රහණය කොට ශ්‍රීලනිපය සමඟ එක්‌ව ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවුවත් එජාප පාක්‍ෂිකයන් සිය අනාගතය සම්බන්ධව කිසිදු බියක්‌, සැකක්‌ තබාගත යුතු නැති බවත් පාක්‍ෂිකයන් පක්‍ෂයට තම යුතුකම ඉටු කළා සේ තමන් පාක්‍ෂිකයන්ට ඉදිරියේදී යුතුකම් ඉටුකරන බවටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පාක්‍ෂිකයන්ට ප්‍රතිඥවක්‌ දුන්නේය.
එජාප පාක්‍ෂිකයන්ට යුතුකම් ඉටුකරනවා 69 වැනි සංවත්සරයේදී අගමැති පොරොන්දු වේ එජාප පාක්‍ෂිකයන්ට යුතුකම් ඉටුකරනවා 69 වැනි සංවත්සරයේදී අගමැති පොරොන්දු වේ Reviewed by Unknown on 10:19 AM Rating: 5
Powered by Blogger.