නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද

නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් අද දිවුරුම් දීමට නියමිත ය.

ජනාධිපතිවරයා ඉදිරියේදී අමාත්‍යවරුන් දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ ය.

කැබිනට් මණ්ඩලය 48 දෙනෙකුගෙන් සමන්විත වේ.

අමාත්‍යවරුන් නොවන හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 45 කි.


19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අමාත්‍ය මණ්ඩලය 30කට වැඩි වන්නේ නම් පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගත යුතු වේ.

ඒ අනුව ඊයේ අදාළ යෝජනාව විවාදයට ගැනීමෙන් පසු අමාත්‍ය මණ්ඩලය පුළුල් කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමිවිණි.
නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද Reviewed by Unknown on 10:51 AM Rating: 5
Powered by Blogger.