ජනපති ජන්ම දින දා ප්‍රජා සත්කාර රැසක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සිය ජන්ම දිනය නිමිත්තෙන් ඊයේ (03) පෙරවරුවේ පොලොන්නරුව අඩු ආදායම්ලාභී පවුල් වෙත වියලි ආහාර සලාක බෙදා දීමේ සමාජ සත්කාරයකට සහභාගී විය. පොලොන්නරුව මිරිස්හේන ප්‍රාථමික විද්‍යාලයේ මෙම ප්‍රජා සත්කාරය සිදු කෙරිණි.
එම අවස්ථාවේදී පාසල් සිසුන් පිරිවරාගෙන ඔවුන්ගේ අධ්‍යාපන ගැටලු සහ පාසලේ අඩුපාඩු විමසීමට ද ජනාධිපතිතුමා අමතක නොකළේය.
මෙහිදී ජනාධිපතිතුමා මිරිස් හේන හා මැණික් හොරොව්ව ගම්වාසී පවුල් හාරසියයකට අධික අඩු ආදායම්ලාභී පවුල් වෙත වියළි ආහාර සලාක බෙදාදුන් අතර එම අවස්ථාවට ජයන්ති සිරිසේන මැතිණිය ද සහභාගි වූවාය.
ජනතාව මෙහිදී තමන් මුහුණපාන පානීය ජල, කෘෂිකර්ම, අධ්‍යාපන හා සනීපාරක්ෂක ගැටලු ඉදිරිපත් කළ අතර ජනාධිපතිතුමා හැකි ඉක්මනින් එම ගැටලු විසදීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවට සහතික විය.
ජනාධිපතිතුමාගේ පවුලේ සාමාජිකයන් සේම අති විශාල ජනතාවක් ද ජනතා නියෝජිතයන් සහ නිලධාරීහු ද මෙම
අවස්ථාවට සහභාගි වී සිටියහ.

Reviewed by Unknown
on
10:25 AM
Rating:
Reviewed by Unknown
on
10:25 AM
Rating: