යුද හමුදාවට එල්ල කරන චෝදනා ප්‍රතික්‍ෂේප කරනවා - ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා
ජීනීවා යුද අපරාධ වාර්තාව හරහා ශ්‍රී ලංකා යුද හමුදාවට එල්ල කරන බරපතළ චෝදනා මුළුමණින්ම ප්‍රතික්‍ෂේප කරන බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.
යුද්ධය පැවති අවසන් දින කිහිපය තුළ හා ඊට පෙර ද යුද හමුදා සේනාංකවල සේනාංකාධිපතිවරුන් ක්‍රියා කළේ තමා දුන් උපදෙස් අනුව යෑයි ද සරත් ෆොන්සේකාා මහතා ඊයේ (17 වැනිදා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
2009 මැයි 18 වන දින යටත් වූවන් ඝාතනය කිරීම, උතුරු/නැගෙනහිර අතුරුදන් කිරීම්, යුද මුක්‌ත කලාපවලට ප්‍රහාර එල්ල කිරීම, මානුෂීය ආධාර ලබාදීම වැළැක්‌වීම ඇතුළු බරපතළ චෝදනා රැසක් ජීනීවා වාර්තාව හරහා යුද හමුදාවට එල්ල කර තිබෙන බව ද හෙතෙම කීවේය.
මේ සියලු කරුණු සත්‍යය යෑයි අපි පිළිනොගත්තත්, ඕනෑම කෙනෙකුට චෝදනා කිරීමට හැකියාව තිබෙන බව ද සරත් ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේය.
ජීනීවා යුද අපරාධ වාර්තාව හරහා පරීක්‍ෂණයක් සිදුකළ යුතු බවට යෝජනා කිරීමෙන් රජය හෝ රටේ ජනතාව කලබල විය යුතු නැති බව ද, මේ සඳහා යහපාලන රජය අවශ්‍ය පියවර ගනු ඇතැයි විශ්වාස කරන බව ද හෙතෙම පැවසීය.
ජගත් මානව හිමිකම් කවුන්සිලයේ තීරණයට අනුව දේශීය පරීක්‍ෂණයක් පවත්වා ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්‌ථාවක් උදාවී ඇතැයි ද සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.
ඒ අනුව සිදුකරන ඕනෑම ප්‍රශ්න කිරීමකට හෝ පරීක්‍ෂණයකට තමන් සහාය ලබා දෙන බව ද හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාා මහතා වැඩිදුරටත් පැවසීය.

Reviewed by Unknown
on
2:27 PM
Rating:
![යුද හමුදාවට එල්ල කරන චෝදනා ප්‍රතික්‍ෂේප කරනවා - ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9Y0D7yga9MrzVVJJsIatcjT2ATcOm30aN4uzKgC-Q5RJc9FNkN29wyGkb9HoVkEr7MEonDYOjNLkmAZBWGtMcz3AihzZxskUm-EMLgyOa0d3aoosUFHz4vRWWqTyReNm6i7CQar8GqN6Q/s72-c/sarath_fonseka.jpg)