හයිබ්‍රිඩ් උසාවියක්‌ පිහිටුවීමට කිසි ලෙස ඉඩ නොදිය යුතුයි - අනුර කුමාර දිසානායක

එක්‌සත් ජාතීන්ගේ යුද අපරාධ පරීක්‍ෂණ කමිටු වාර්තාව මගින් මෙරට පිsහිටුවීමට යෝජනා කර ඇති දෙමුහුන් (හයිබ්‍රිඩ්) අධිකරණය ශ්‍රී ලංකාව තුළ ස්‌ථාපිත කිරීමට රජය කිසිසේත් ඉඩ ලබා නොදිය යුතු බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17 වැනිදා) "දිවයින"ට පැවසීය. එවැනි අධිකරණයක්‌ පිහිටුවීම රටේ ව්‍යවස්‌ථාවත්, එක්‌සත් ජාතීන් හා අප රට අතර ඇතිකර ගෙන ඇති සම්මුතියන් අනුවත් පටහැනි බව හෙතෙම පැවසීය.

ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් මුළු පාර්ලිමේන්තුවත් රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සුරකින බවට පොරොන්දු වී ඇති බවත් එහෙයින් කිසිදු ආකාරයකින් ව්‍යවස්‌ථාව කඩකිරීමට කිසිවකුට නොහැකි බවත් අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

දෙමුහුන් අධිකරණයක්‌ පිහිටුවීමට එක්‌සත් ජාතීන් යෝජනා කර ඇත්තේ රාජපක්‍ෂ රජය අධිකරණයට අත තැබීම හා එය අතකොළුවක්‌ බවට පත් කර ගැනීම නිසා යෑයි කී අනුර කුමාර දිසානායක මහතා දැන් නව රජයක්‌ රට පාලනය කරන හෙයින් අප රටට අවස්‌ථාවක්‌ දිය යුතුව ඇති බව කියා සිටියේය.
හයිබ්‍රිඩ් උසාවියක්‌ පිහිටුවීමට කිසි ලෙස ඉඩ නොදිය යුතුයි - අනුර කුමාර දිසානායක හයිබ්‍රිඩ් උසාවියක්‌ පිහිටුවීමට කිසි ලෙස ඉඩ නොදිය යුතුයි  - අනුර කුමාර දිසානායක Reviewed by Unknown on 2:29 PM Rating: 5
Powered by Blogger.