ළමා අපයෝජන සම්බන්ධ වරදකරුවන්ට මරණ දණ්ඩනය අවශ්‍ය නැත
ළමා අපයෝජන සම්බන්ධ වරදකරුවන්ට නීතියෙන් ලබාදෙන දඬුවම් ප්‍රමාණවත් බවත්, ඒ සඳහා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අනවශ්‍ය බවත්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනී නීතීඥ නතාෂා බාලේන්ද්‍ර පැවසූවාය.
ඇය එලෙස පැවසුවේ, අද (16දා) පැවැති මාධ්‍ය හමුවකදීය.
“ළමයින් සම්බන්ධ ඝාතන හා අවාසනාවන්ත සිදුවීම් කීපයක් වාර්තා වී තිබෙනවා. අපි ජනතාවට කියන්නෙ පළමුව ඒ ගැන කළබල වෙන්න එපා. අපිට තියෙන දත්තවලින් පේන්නෙ සිද්ධි වැඩිවෙලා නැති බව. මාධ්‍යවලින් වාර්තාවීම තමයි වැඩි. මෙවැනි සිද්ධි වෙනකොට අපේ අදහස් ශක්තිමත් වෙනවා ඉදිරියේදී මේවා වළක්වන්නේ කියන එක ගැන.
අපි සමස්ත සමාජයෙන් ඉල්ලීමක් කරනවා ළමයින් ගැන සැලකිලිමත් වෙන්න කියලා. අපි ළමා අපයෝජන වළක්වා ගැනීම සඳහා ප්‍රතිපත්ති කීපයක් ආණ්ඩුවට යෝජනා කර තිබෙනවා. අපට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අපරාධ නඩු ප්‍රමාද වෙන එක. මේවා කඩිනමින් විසඳීමට ක්‍රියාමාර්ග අවශ්‍යයි. ඒවගේම දැනට තියෙන දඬුවම් ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. අපි විශ්වාස කරන්නෙ දැනට දණ්ඩ නීති සංග්‍රහයේ තිබෙන දඬුවම් ප්‍රමාණවත් කියලයි. උදාහරණ ලෙස ළමා දූෂණයට අවම දඬුවම වසර 10 ක සිර දඬුවම. උපරිම දඬුවම අවුරුදු 20 ක දඬුවම. එය ක්‍රියාත්මක කළොත් එය ප්‍රමාණවත්. මම දැක්කා මාධ්‍යයෙන් හා සමාජයෙන් මරණ දඬුවම ඉල්ලනවා. නමුත් අපි ඒකට එකඟ නැහැ” යැයි සභාපතිනිය පවසා සිටියාය.

Reviewed by Unknown
on
8:45 PM
Rating:
![ළමා අපයෝජන සම්බන්ධ වරදකරුවන්ට මරණ දණ්ඩනය අවශ්‍ය නැත](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEicPE0tfUb0QToBd-nPmXEmyassJjhf0rtS-VZFkh0lmqKn0jF9dLTXNPmUbcmPd4JjznupKkzTufduoM4Ma5-eYEWYnot4xsj83Bxk6_sRuVHoGeCAArBGqbdXDiQ6UieP3KljhQa16rOl/s72-c/z_p05-Speak-up.jpg)