දෙපාර්ශවයේම වැරදි තියෙනවා - එ.ජා වාර්තාව

ජීනීවා හිදී අද(16) එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවෙන් 2002 හා 2011 අතර කාලයේ ශ්‍රී ලංකාවේ ‍ගැටුමේ දෙපාර්ශ්වය විසින්ම යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ වශයෙන් ප්‍රබලව සැලකිය හැකි ආකාරයේ බරපතල උල්ලංඝනයවීම් සිදු කර ඇති බවට හඳුනා ගෙන ඇති බවට පවසා සිටි.

යුක්තිය ඉටු කිරීමේ අත්‍යවශ්‍ය පියවරක් වශයෙන් ජාත්‍යන්තර විනිශ්චයකරුවන්,අභිවෝදකයන්, නීතිඥයන් හා විමර්ශකයන් ඇතුළත්වන විශේෂ මිශ්‍ර උසාවියක් පිහිටුවීමට එම වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.

'අපගේ විමර්ශන වලින් ඉවක් බවක් නැතිව කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාර, නීතියෙන් පරිබාහිරව කරන ලද මිනී මැරීම්, බලහත්කාරයෙන් කරන ලද අතුරුදහන් කිරීම්, වධ හිංසා පැමිණවීමේ සහ ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ කම්පාවට පත් කෙරෙන විස්තර ඇතුළත් ශ්‍රි ලංකාව තුළ සිදුව ඇති බිහිසුණු මට්ටම උල්ලංඝණය කිරීම් සහ අපහරණ අපගේ වාර්තාවෙන් හෙළි කරන්නේ'යැයි මහ කොමසාරිස් සෙයිඩ් කියා සිටි.
මෙම වාර්තාව ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සහගත තත්වයක් පවත්වා ගත හැකි දේශපාලන සන්දර්භයක් තුළයැයි සෙයිඩ් මහතා වැඩිදුරටත් පවසා සිටි. "සැබැවින්ම මූලික වෙනසක් සඳහා වූ මෙම ඓතිහාසික අවස්ථාව අත් නොහැරීම අතිශයෙන් වැදගත්ය"
දෙපාර්ශවයේම වැරදි තියෙනවා - එ.ජා වාර්තාව දෙපාර්ශවයේම වැරදි තියෙනවා - එ.ජා වාර්තාව Reviewed by Unknown on 9:11 PM Rating: 5
Powered by Blogger.