ක්‍රීඩා ඇමති පාපන්දු සම්මේලනයට යයි

ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ හා එහි පරිපාලනයේ වර්තමාන තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (11දා) පෙරවරුවේ පාපන්දු සම්මේලනයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. මෙහිදී අදාළ ආයතනවල ගැටලු පිළිබඳව අමාත්‍යවරයා සාකච්ඡා කරනු ලැබීය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතාද සහභාගි විය.

ක්‍රීඩා අමාත්‍යාංශයට සම්බන්ධ ආයතනයන්හි සංචාරය කර ඒ පිළිබඳව අවබෝධයක් ලබාගැනීම නව ක්‍රීඩා අමාත්‍යවරයා මේ දිනවල සිදුරකරන අතර, එයට සමගාමීව පාපන්දු සම්මේලනයේද නිරීක්ෂණ චාරිකාවට එක්විය. මෙම නිරීක්ෂණ චාරිකා අවසන් වීමෙන් පසුව ක්‍රීඩාවේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සැලසුම් සකස්කිරීම අමාත්‍යවරයාගේ අරමුණ වී ඇත.




ක්‍රීඩා ඇමති පාපන්දු සම්මේලනයට යයි ක්‍රීඩා ඇමති පාපන්දු සම්මේලනයට යයි Reviewed by Unknown on 10:43 PM Rating: 5
Powered by Blogger.