කොළඹ ට සපයන පානීය ජලයෙහි බැරලෝහ හෝ ආසනික් අඩංගු නැහැ

කොළඹ හා තදාසන්න නගරවලට සපයන පානීය ජලයෙහි බැරලෝහ හෝ ආසනික් අඩංගු නැතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

‍කොළඹ හා තදාසන්න නගරවලට සම්පාදනය කරන අඹතලේ හා බියගම ජල පවිත්‍රාගාරවලට ජලය ලබාගන්නේ කැලණි ගඟෙන් ය .

කැලණි ගඟේ ජලයෙහි ආසනික් තිබේද යන්න පිළිබඳව අඹතලේ ජල පවිත්‍රාගාරයේ පිහිටි රසායානගාරයේදී සතියකට වරක් පරීක්ෂා කරන බවත් ආසනික් පැවතිය යුතු ප්‍රමාණය වන ලීටරයට මිලි ග්‍රෑම් 0.05 නොඉක්මවන බවත් මෙම නිවේදනයේ සඳහන් ය.

පානීය ජලයේ එම ප්‍රමිතිය තිබිය යුත්තේ, ලීටරයකට මිලි ග්‍රෑම් 0.01 ක් ලෙස බව ත්, කිසිඳු අවස්ථාවක එම ප්‍රමිතිය ඉක්මවා ගොස් නොමැති බවට වසර 15ක පරීක්ෂණ වාර්තා ඇති බවත් මණ්ඩලය සඳහන් කර තිබේ.
කොළඹ ට සපයන පානීය ජලයෙහි බැරලෝහ හෝ ආසනික් අඩංගු නැහැ කොළඹ ට සපයන පානීය ජලයෙහි බැරලෝහ හෝ ආසනික් අඩංගු නැහැ Reviewed by Unknown on 10:25 PM Rating: 5
Powered by Blogger.