ජා ඇල කෝටි පහේ හොරාගේ දර්ශන නිකුත් වෙයි


ජා ඇල කොළඹ පාරේ පිහිටි රන් භාණ්ඩ උකස් ගන්නා ස්ථානයක පසු ගිය අගෝස්තු මාස 15 වැනිදා සිදු වූ මංකොල්ලයක සීසීටීවී දර්ශන මාධ්‍ය වෙත ලබා දීමට පොලීසිය කටයුතු කර තිබේ. අදාළ ආයතනයේ සිටි කාන්තාවන් දෙදෙනාට පිහියක් පෙන්වා බිය වද්දා රුපියල් ලක්ෂ 6ක සහ කෝටි පහකට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ කොල්ලකා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබූ අතර එම ආයතනය අසල තිබූ වෙළඳසැලක සවි කර තිබූ සීසීටීවී කැමරාවක එම මංකොල්ලය අවස්ථාවේ පිටත රැඳී සිටි සැකකටයුතු අයෙකු විමසිල්ලෙන් බලා සිටින අයුරු සහ හෙතෙම මුදල් බෑගයක් රැගෙන දිව යන අයුරු සටහන් වී තිබේ.
එම දර්ශන මේ වන විට පොලීසිය විසින් නිකුත් කර ඇති අතර අදාළ පුද්ගලයා පිලිබඳ තොරතුරක් දන්නේ නම් පහත අංක වෙත අමතන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි කැලණිය  071 8591589

සහකාර පොලිස් අධිකාරී කැලණිය   071 8591594

ජා ඇල පොලිස් ස්ථානය     011-2236222  011-2236131

පොලිස් ස්ථානාධිපති (අපරාධ) ජා ඇල  078-5308291
















































උපුටා ගැනීම මව්බිම
ජා ඇල කෝටි පහේ හොරාගේ දර්ශන නිකුත් වෙයි ජා ඇල කෝටි පහේ හොරාගේ දර්ශන නිකුත් වෙයි Reviewed by Unknown on 9:53 PM Rating: 5
Powered by Blogger.